
පොසොන් පොහොය ශ්‍රී ලාංකික අපට සුවිශේෂී වු සිදුවීම් සමුදායක් සිදු වූ වැදගත් දිනයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
පොසොන් දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසනවා. ථෙරවාද බෞද්ධ දර්ශනයේ හා සම්ප්‍රදායේ කේන්ද්‍රස්ථානයක් බවට අපේ රට පත් වීමේ ආරම්භය සනිටුහන් වූයේ අනුබුදු මිහිදු හිමියන්ගේ ලංකාගමනය සිදු වු ඒ අසිරිමත් පොසොන් පොහොය දිනයේදී.
බුදු දහම හා බැඳුණු ජීවන රටාවකට මඟ පාදමින් සාරධර්මවලින් පොහොසත් ජන සමාජයක් බිහි වීමට එය හේතු වූ බවයි ජනපතිවරයා පවසන්නේ.
එමෙන්ම සමාජ පරිවර්තනයක් සමඟ අධ්‍යාත්මික ප්‍රබෝධයක් ජනිත කිරීමට හේතු වූ එම අසිරිමත් සිදුවීම හුදු ආගමික අර්ථයෙන් ඔබ්බට ගිය අප රටෙහි සංස්කෘතික, සමාජයීය හා දේශපාලනික ආදී සෑම අංශයකම වඩා දියුණු සැකැස්මක් නිර්මාණය කිරීමට සමත් වූ බවද පෙන්වා දෙනවා.
එසේම, තිස්ස නිරිඳු අතින් දුනු හී ගිලිහීමෙන් සංකේතවත් වන්නේ පාලකයා සහ ජනතාව හිංසාව ඉවත ලා අවිහිංසාව වැළඳ ගැනීමයි.
පොසොන් පොහොය දිනයෙන් ප්‍රකට කෙරෙන වටිනාකම් තුළ ඉස්මතු කර දැක්විය යුතු මහඟු ගුණාංගයක් වන්නේ අවිහිංසාවයි.
විශේෂයෙන්ම මුළුමහත් ලෝකයම විවිධ මට්ටම්වලින් හිංසාවෙන් පීඩාවට පත්ව සිටින වත්මනෙහි අවිහිංසාව යනු තමන්ගේද, අනෙකාගේද ජීවන නිදහස හා අයිතිය සුරක්ෂිත කරන සනාතන වටිනාකමක් ලෙස සියලු හදවත්හි රඳවා ගත යුතු හැසිරීමක් බවත් එබැවින් පොසොන් පොහොය දිනයෙන් මූර්තිමත් වන අවිහිංසාවෙහි අගය වඩාත්ම දැනෙනුයේ අදට බවද පෙන්වා දෙනවා.
අනුබුදු මිහිදු හිමියන් මෙරටට දායාද කළ උතුම් බුදු දහමේ තැනෙක “සරු දෙය සරු ලෙසත්, නිසරු දෙය නිසරු ලෙසත්” දැකිය යුතු බව කියවේ.
අවශ්‍ය වන්නේ එම චින්තනය දරාගත් ශිෂ්ටසම්පන්න සහ වගකීම් සහගත මිනිසුන් බවත් එම සමාජය නැවත ලක් පොළොව මත ප්‍රතිෂ්ඨාපනය කරමින් රටට ඇවැසි ආචාරධාර්මික, සමාජයීය සහ පාරිසරික වශයෙන් නව ආකල්ප සහිත නූතන ශිෂ්ටසම්පන්න රාජ්‍යය ගොඩනැඟීමේ පරම වගකීම අප දෙවුර මත පැට වී තිබෙන බවයි ජනපතිවරයා පවසන්නේ.
අප ප්‍රාර්ථනා කරන සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනය යථාර්ථයක් කර ගත හැක්කේ එම ශිෂ්ටසම්පන්න සමාජය ගොඩනැඟීමෙන් පමණක් බව තරයේ විශ්වාස කරන බවත් එම සාමුහික ප්‍රයත්නය වෙනුවෙන් සියලුදෙනා එකාවන්ව පෙළ ගැසෙමු’යි මෙම පොසොන් පොහොය දිනයේදී ඔබ සියලුදෙනාට ආරාධනා කරන බවද ජනපති අනුර කුමාර දිසානායක පවසනවා.
මේ අතර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ද පොසොන් පොහොය දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේ ගමන් කළ සදහම් මඟ පිළිබඳ යළි යළිත් සිතමින් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවෙන් අපගේ ජීවිත වෙත ආලෝකය සහ ශාන්තිය ළඟා කරගනීම සඳහා කටයුතු කිරීම ඉතා වැදගත් බවයි.
පොසොන් පොහොය මෙරට ජනතාවගේ ආගමික, සංස්කෘතික, හා සමාජීය මෙන්ම ආර්ථික තත්ත්වයන් සුවිශේෂ පුනරුදයක් කරා ගෙන යන්නට මග පෑදු දිනයක් බවද අග්‍රාමාත්‍යවරිය පවසනවා.
Latest News
ඉරානය ඊශ්‍රායලය දෙසට මිනිසුන් රහිත ගුවන් යානා 100ක් දියත් කරයි
Local
13 June 2025

හිටපු ඇමති කෙහෙළියට සහ හිටපු සභාපති ජයම්පති බණ්ඩාරට එරෙහි නඩුව විභාගයට දිනදෙයි
Local
13 June 2025

ඊශ්‍රායල් ප්‍රහාරවලින් ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මොහොමඩ් බගරි ජීවිතක්ෂයට
Local
13 June 2025

නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාවිරහිත කෙරේ
Local
13 June 2025

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ නව අණදෙන නිලධාරීයා ලෙස Ahmad Vahidi පත්කරයි
Local
13 June 2025

තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා යළි රිමාන්ඩ්
Local
13 June 2025

නරේන්ද්‍ර මෝදි ගුවන් අනතුර සිදුවූ ස්ථානයට යයි
Local
13 June 2025

බෝරා සමුළුවට පහසුකම් සැලසීමට රජය මැදිහත් වෙයි
Local
13 June 2025

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්
Local
13 June 2025

කඩා වැටුණු එයාර් ඉන්දියා ගුවන් යානයේ කළු පෙට්ටි දෙකෙන් එකක් සොයා ගැනේ
Local
13 June 2025
