
බුදු දහමේ මඟ අනුව යමින් නැවතත් ස්වයංපෝෂිත රටක් කරා පියනගමුයැයි විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස පවසනවා.
පොසොන් පොහොය දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසනවා.
බුදුරජාණන් වහන්සේ විසින් වදාළ අති උතුම් සද්ධර්මය රැගෙන මෙරටට වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය සිහිපත් කරමින් වසර දහස් ගණනක සිට අප රටේ ජනතාව ඉමහත් ශ්‍රද්ධාවෙන් භක්තියෙන් පොසොන් උත්සවය සමරණ බවයි ඔහු පවසන්නේ.
මිහිදු මහ රහතන් වහන්සේගේ ලංකාගමනයත් සමඟ අප රටට බුදු දහම පමණක් නොව තවත් කලා ශිල්ප, සංස්කෘතීන් නියෝජනය කරමින් 18ක කුලයක ප්රවීණයන්ගේ ආභාෂය ද ලැබුණු බව ඓතිහාසික මූලාශ්‍ර සාක්ෂි දරන බවත් එම කලා ශිල්ප අප රටේ සංස්කෘතියට සිදු කළ බලපෑම අතිමහත් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
අප රට ලෝකය පුරා ප්‍රසිද්ධ වූයේ පෙරදිග ධාන්‍යාගාරය යනුවෙන් බවත් නැවත වරක් අප රටක් ලෙස එසේ නැගී සිටිය යුතු බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.
එබැවින් රටක් ලෙස සශ්‍රීක වී ස්වයංපෝෂිත විය යුතු බවත් ඒ සඳහා බුදු දහමින් පෙන්වා දුන් නිවැරදි මගපෙන්වීම ලබා ගෙන ඉදිරියට යාමට අප කටයුතු කළ යුතු බවයි ඔහු පවසන්නේ.
Latest News
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික 'ගල් ඉබ්බා' අත්අඩංගුවට
Local
19 July 2025

අධික සුළං තත්ත්වය නිසා ගසක අත්තක් කඩා වැටී පුද්ගලයෙකු මරුට
Local
19 July 2025

මහ බැංකු රෙගුලාසි විද්‍යුත් වාහන ආනයනයට සහ මිලදී ගැනීමට බලපෑමක් - ආර්ථික විශේෂඥයින්
Local
19 July 2025

Coldplay ප්‍රසංගයේ සිදුවීමත් සමග Astronomer ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා අනිවාර්ය නිවාඩු යවයි
Local
19 July 2025

තද සුළං 25 වනදා දක්වා
Local
19 July 2025

බ්‍රසීල හිටපු ජනපති පලා යාම වැළැක්වීමට පාදයේ පළදනාවක්
Local
19 July 2025

ගුවන්තොටුපොළ අවට සරුංගල් යැවීමෙන් වළකින ලෙස ඉල්ලීමක්
Local
19 July 2025

හැටන් සමනළගම නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි
Local
19 July 2025

80 හැවිරිදි කාන්තාවකගේ මරණ දඬුවමක් අභියාචනාධිකරණය අවලංගු කරයි
Local
19 July 2025

දැඩි සුළඟට හසුවූ ධීවරයෙකු අතුරුදන්
Local
19 July 2025
