ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික ජංගම දුරකථනයේ බිලවන රුපියල් 240,000කට ආසන්න මුදලත් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව සැප්තැම්බර් මස 25වනදා විභාගය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහුගේ කනිෂ්ට නීතිඥවරු විසින් මෝසමක් ඉදිරිපත් කර තිබෙන බව දැනුම් දුන්නා.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සඳහන් කළේ මෙය 2015 වසරේ ගොනු කළ නඩුවක් බවත් නඩුව විභාගය සඳහා කෙටි දිනයක් ලබාදන ලෙසයි.
ඒ අනුව නඩු විභාගය සැප්තැම්බර් මස 25 වන දා දක්වා කල් තැබීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එදින සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළා.
2012 වසරේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම වසරේ මාර්තු සහ අප්‍රෙල් මාසය අතර සිය පෞද්ගලික ජංගම දුරකථනය සඳහා බිල වශයෙන් ගෙවිය යුතු රුපියල් දෙලක්ෂ හතලිස්දහසකට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් තුළින් "දූෂණය" නැමැති වරද සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබෙනවා.

Latest News
අධික සුළං තත්ත්වය නිසා ගසක අත්තක් කඩා වැටී පුද්ගලයෙකු මරුට
Local
19 July 2025

මහ බැංකු රෙගුලාසි විද්‍යුත් වාහන ආනයනයට සහ මිලදී ගැනීමට බලපෑමක් - ආර්ථික විශේෂඥයින්
Local
19 July 2025

Coldplay ප්‍රසංගයේ සිදුවීමත් සමග Astronomer ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා අනිවාර්ය නිවාඩු යවයි
Local
19 July 2025

තද සුළං 25 වනදා දක්වා
Local
19 July 2025

බ්‍රසීල හිටපු ජනපති පලා යාම වැළැක්වීමට පාදයේ පළදනාවක්
Local
19 July 2025

ගුවන්තොටුපොළ අවට සරුංගල් යැවීමෙන් වළකින ලෙස ඉල්ලීමක්
Local
19 July 2025

හැටන් සමනළගම නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි
Local
19 July 2025

80 හැවිරිදි කාන්තාවකගේ මරණ දඬුවමක් අභියාචනාධිකරණය අවලංගු කරයි
Local
19 July 2025

දැඩි සුළඟට හසුවූ ධීවරයෙකු අතුරුදන්
Local
19 July 2025

තිරප්පනේ වෑන් අනතුරකින් 10කට තුවාල
Local
19 July 2025