General05 July 2025

ගත වූ මාස 6 තුළ සුරාබදු දෙපාර්තමේන්තුවට බිලියන 120ක ආදායමක්

වසරේ ගත වූ මාස 6 තුළ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 120.5ක ආදායමක් උපයා තිබෙනවා.
 
එය මුදල් අමාත්‍යාංශය විසින් ලබා දී ඇති ඉලක්කය ඉක්මවා ලබාගත් 102.6%ක ප්‍රගතියක්.
 
සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පසුගිය වසරේ රුපියල් බිලියන 226.7ක් රජයට අයකර දීමට සුරාබදු දෙපාර්තමේන්තුව ක්‍රියාකර ඇති බවයි.
 
එසේම 2023 වසරේ දී රුපියල් බිලියන 178.6ක් හා 2022 වසරේදී රුපියල් බිලියන 170.3කද ආදායමක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් උපයා තිබෙනවා.
 
 
Related Recommends
Hiru TV News | Programmes