General06 July 2025

පැහැරගත් බව කියූ වැලිගම මාලිමා මන්ත්‍රී යුවල පළමුවරට මාධ්‍ය ඉදිරියට එයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ සභිකයින් දෙදෙනෙකු පැහැර ගත් බව කියන සිදුවීම සම්බන්ධයෙන් ඊට අදාළ සභිකයින් දෙදෙනා ඊයේ පළමුවරට මාධ්‍ය හමුවේ පෙනී සිටියා. 
 
වැලිගම දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔවුන් පැවසුවේ, සිද්ධිය ඇසින් දුටු බව පවසමින් මීට පෙර මාධ්‍ය වෙත අදහස් පළ කළ කාන්තාව මෙම පැහැර ගැනීම සම්බන්ධයෙන් පෙර සිටම දැන සිට තිබූ බවට සැක මතුවන බවයි. 
 
පසුගියදා පැවති වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල සභාවාරයට පෙර ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පැහැරගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුවුණා. 
 
එදින සභාවේ කටයුතු කල් තැබීමටයි සිදුවුණේ. 
 
එලෙස පැහැර ගැනීමට ලක්වූ බව පවසා තිබුණේ වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ සභිකයින් දෙදෙනෙකු වන අජිත් ප්‍රියන්ත සහ කමනි අල්විස් යන දෙදෙනායි. 
 
පසුව ඔවුන් දෙදෙනා ගාල්ල දෙවට ප්‍රදේශයේදී සොයාගත් බව පොලිසිය පවසා තිබුණා. 
 
මේ පිළිබඳව අදහස් පළ කරමින් සමගි ජන බලවේගය සඳහන් කළේ ජාතික ජනබලවේගය විසින් මෙය සැලසුම් සහගතව සිදු කර ඇති බවටයි. පෙරේදා දිනයේදී සමගි ජන බලවේගය ප්‍රමුඛ පක්ෂ කිහිපයක් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබූ අතර ඒ සදහා සිද්ධිය ඇසින් දුටු බව කියන කාන්තාවක්ද එක් වුණා.
Related Recommends
Hiru TV News | Programmes