International06 July 2025

පාකිස්ථානයේ මයික්‍රොසොෆ්ට් කාර්යාලය වසා දැමීමට පියවර

වසර 25කට පසු පාකිස්ථානයේ පිහිටි සිය කාර්යාලය වසා දැමීමට මයික්‍රොසොෆ්ට් ආයතනය පියවර ගෙන තිබෙනවා. 
 
ඒ පසුගිය 03 වන බ්‍රහස්පතින්දා සිටයි. 
 
මෙම තීරණයට හේතුව ලෙස මයික්‍රොසොෆ්ට් ආයතනය සඳහන් කර ඇත්තේ පාකිස්ථානයේ ආර්ථිකය මුහුණ දී ඇති අර්බුදකාරි තත්ත්වයයි. 
 
මීට පෙර මයික්‍රොසොෆ්ට් ආයතනය පාකිස්ථානයේ සිය ආයතන වල දැවැන්ත සේවක කප්පාදුවක්ද සිදු කර තිබුණා.
Related Recommends
Hiru TV News | Programmes