දුම්රිය මාර්ගවල ඇති සංඥා දෝෂ නිවැරදි කර ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි තහවුරු කිරීමක් සිදු නොකළහොත් හෙට රාත්‍රී 12 සිට පුත්තලම දුම්රිය මාර්ගයේ සේවයෙන් ඉවත් වන බව ලංකා දුම්රිය නියාමක සංගමය සංගමය පවසනවා.
ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ ඉකුත් 4 වැනිදා රාගම දුම්රිය ස්ථානයේ 98 වැනි සංඥා පද්ධතියේ හටගත් දෝෂය නිවැරදි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු දැනුවත් කිරීමක් සිදු නොකර ඇති බවට චෝදනා කරමින්.
යම් දුම්රියක්, දුම්රිය වර්ණ සංඥා කණුවක් පසු කළ විගස එම සංඥාව අනිවාර්යයෙන් රතු පැහැ විය යුතු අතර, එමගින් පිටුපසින් පැමිණෙන දුම්රියකට ඉදිරියෙන් දුම්රියක් ගමන් කරන බවට වූ අවදානම් විධානය ලබා දෙනවා.
කහ එළිය මගින් ලැබෙන්නේ ඉදිරි කොට්ඨාස දෙකෙන් එකක් පමණක් නිරවුල්ව ඇති බවත් එම නිරවුල් කොට්ඨාසයට පමණක් දුම්රිය ඇතුළු කළ හැකි බවටත් වූ විධානයයි
සාමාන්‍ය මාර්ගයේ රථවාහන ධාවනයේදී මෙන් දුම්රිය මාර්ගයේ බාධාවකින් තොරව ගමන් කළ හැකි බවට වන විධානය ලබා දෙන්නේ කොළ එළියයි.
නමුත් පසුගිය දින කිහිපය තුළ දුම්රිය මාර්ග කිහිපයකම සංඥා පද්ධතිවල දෝෂ හටගෙන තිබුණේ භයානක අනතුරුවලට අත වනමින්.
එහි ආසන්නතම සිදුවීම පෙරේදා රාගමින් වාර්තා වුණා.
එදින පෙරවරු 6.30ට හලාවතින් ගමන් ආරම්භ කළ අංක 810 දරන දුම්රිය, රාගම දුම්රිය ස්ථානයට පැමිණීමේදී 98 වැනි දුම්රිය පාලන සංඥාව පසු කළ පසු එය අවදානම් සංඥාව හෙවත් රතු එළියට මාරු විය යුතු වුව ද එහි ක්‍රියාත්මක වී තිබුණේ කහ සංඥාවයි.
කෙසේවෙතත් අදාළ දුම්රියේ නියාමකවරයා විසින් දුම්රිය නතර කර අදාළ දෝෂය සම්බන්ධයෙන් දුම්රිය පාලක මැදිරිය දැනුවත් කර තිබුණා.
කෙසේ වෙතත් එම දෝෂය නිවැරදි කිරීම සම්බන්ධයෙන් මෙතක් තම සංගමය දැනුවත් කර නොමැති බවත් ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි තහවුරු කිරීමක් සිදු නොකළහොත් හෙට රාත්‍රී 12 සිට පුත්තලම දුම්රිය මාර්ගයේ සේවයෙන් ඉවත් වන බවත් ලංකා දුම්රිය නියාමක සංගමය පවසනවා.
මේ අතර මෙවැනිම සිද්ධියක් ඉකුත් ජුනි මස 5 වැනිදා ද වාර්තා වූයේ පානදුර - මොරටුව දුම්රිය මාර්ගයෙන්
එහිදී අංක 171 සංඥා කණුවට ඉදිරියෙන් දුම්රිය නතර කර තිබියදී අංක 8,328 දුම්රියට එම සංඥා කණුව පසුකර යා හැකි වන පරිදි කොළ සංඥාව නිකුත් වී තිබුණා.
මෙලෙස දුම්රිය මාර්ගවල සංඥා පද්ධතිවල හටගන්නා දෝෂ හේතුවෙන් පසුගිය කාලය තුළ බිහිසුණු අනතුරුද වාර්තා වූ අතර අලව්ව දුම්රිය අනතුර සහ පොතුහැර දුම්රිය අනතුර ඊට උදාහරණයි.
කෙසේ වෙතත් බොහෝ ස්ථානවල මෙම සංඥා දෝෂ තවමත් පවතිනවා
ඇතැම් දුම්රිය මාර්ගවල කිසිදු ආලෝක සංඥාවක් ක්‍රියාත්මක නොවන ආකාරයක් ද අපට නිරීක්ෂණය වූ අතර, ඇතැම් ආලෝක සංඥා පුවරුවල එකවර සංඥා දෙකම ක්‍රියාත්මකව පවතින අයුරු ද දක්නට ලැබුණා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ, සම්පූර්ණ පද්ධතියේ දෝෂයක් නොමැති අතර ස්ථාන කිහිපයක පමණක් සංඥා පද්ධතිවල දෝෂ පිළිබඳ වාර්තා වී ඇති බවයි.
එලෙස වාර්තා වූ බොහෝ සංඥා දෝෂ යථා තත්ත්වයට පත් කළ බවත් ඉදිරියේදීත් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Latest News
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික 'ගල් ඉබ්බා' අත්අඩංගුවට
Local
19 July 2025

අධික සුළං තත්ත්වය නිසා ගසක අත්තක් කඩා වැටී පුද්ගලයෙකු මරුට
Local
19 July 2025

මහ බැංකු රෙගුලාසි විද්‍යුත් වාහන ආනයනයට සහ මිලදී ගැනීමට බලපෑමක් - ආර්ථික විශේෂඥයින්
Local
19 July 2025

Coldplay ප්‍රසංගයේ සිදුවීමත් සමග Astronomer ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා අනිවාර්ය නිවාඩු යවයි
Local
19 July 2025

තද සුළං 25 වනදා දක්වා
Local
19 July 2025

බ්‍රසීල හිටපු ජනපති පලා යාම වැළැක්වීමට පාදයේ පළදනාවක්
Local
19 July 2025

ගුවන්තොටුපොළ අවට සරුංගල් යැවීමෙන් වළකින ලෙස ඉල්ලීමක්
Local
19 July 2025

හැටන් සමනළගම නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි
Local
19 July 2025

80 හැවිරිදි කාන්තාවකගේ මරණ දඬුවමක් අභියාචනාධිකරණය අවලංගු කරයි
Local
19 July 2025

දැඩි සුළඟට හසුවූ ධීවරයෙකු අතුරුදන්
Local
19 July 2025