බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වාට මරණීය තර්ජන එල්ල කලේ යැයි කියන සිද්ධිය පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතැයි පෙලිසිය අද කොළඹ මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නා.
එහිදී පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පුද්ගලයින් තුන්දෙනෙකුගේ දුරකථන විස්තර වාර්තා කැඳවන ලෙස නියම කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බස්නාහිර උතුර කොට්ඨාශයේ නිලධාරීන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්රාත් පවිත්රා සංජීවනී පතිරාජ මෙම නියෝගය නිකුත් කළා.
එම පොලිස් නිලධාරීන් විසින් මෙම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල ප්රගතිය දැක්වෙන වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ වන විට විදේශගතව සිටින පතාල කල්ලි සාමාජිකයකු බව කියන අමින්ද රෝෂාන් ජයසේකර හෙවත් දරුන් සහ මීගමුව ප්රදේශයේ පදිංචිව සිට මේ වන විට විදේශගතව සිටින තවත් මත්ද්රව්ය ජාවාරම්කාරයකු බව කියන සලින්ද මදුශාන් පෙරේරා හෙවත් කමාන්ඩෝ සලින්ද යන අය එක්ව මෙම තර්ජනාත්මක ඇමතුම ලබාදී තිබෙන බවට කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළා.
අදාල තර්ජනාත්මක ඇමතුම අගොස්තු මස 03 වනදා රාත්රි 8.33 ලැබි ඇති බව සඳහන් කළ පොලිසිය ඒ තුළින් අදාල පොලිස් ස්ථානාධිපතිවරයාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට මරණීය තර්ජන එල්ල කර තිබෙන බවත් පැවසුවා.
වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිසිය කෙසෙල්බද්දර පද්මේ නමැත්තාට අයත් හෝටලයක මත්ද්රව්ය ග්රැම් 440 මිලිග්රෑම් 845 හා ජීව උන්ඩ නමයක් සන්තකයේ තබාගෙන සිටියදී දිසානායක නමැති සැකකරුවකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් ස්ථානාධිපතිවරයාට මෙම තර්ජනාත්මක ඇමතුම ලැබී තිබෙන බවත් සඳහන් කර සිටියා.
මෙම දුරකථන ඇමතුම පටිගත කර තිබෙන බවත් ඊට අදාළ සංයුක්ත තැටි රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර එහි අන්තර්ගත දත්ත පිළිබඳව වාර්තා කැඳවීමට කටයුතු කරන බවත් පොලිසිය පැවසුවා.
ඒ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදුකරන ලෙස පොලිසියට නියම කළ මහේස්ත්රාත්වරිය එහි ප්රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තාකරන ලෙසත් නියම කළා.

Latest News
ශිරන්ති රාජපක්ෂගේ වෛද්ය වාර්තාව සලකා බැලීමට නඩුව අද පස්වරු 2.45ට යළි කැඳවයි
Local
16 October 2026
ජපානය අභිබවා ඉන්දියාව ලොව 4 වන විශාලතම ආර්ථිකය බවට පත්වන ලකුණු – ජාත්යන්තර මූල්ය අරමුදල
Local
16 October 2026
එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවට සාක්ෂි දීමට සුරේෂ් සලේ ත්රිපුද්ගල මහාධිකරණය හමුවට
Local
16 October 2026
කියුබානු තානාපතිනිය සහ අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් අතර අධ්යාපන හා සෞඛ්ය සහයෝගීතාව ව්යාප්ත කිරීමට සාකච්ජා
Local
16 October 2026
අධිකරණ නියෝගයට ගරු කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තාවකාලික අට්ටාල මහා සංඝරත්නය විසින් ඉවත් කර ගනී
Local
16 October 2026
කොළඹ වරායේ සංවර්ධන කටයුතු සඳහා අමෙරිකාවෙන් ඩොලර් මිලියන 17ක මූල්ය ප්රදානයක්
Local
16 October 2026
ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන්නැයි අස්ගිරි මහ නාහිමියන් බන්ධනාගාර කොමසාරිස්ට කියයි
Local
16 October 2026
දෙරට අතර වෙළඳ සහ ආයෝජන වඩාත් පහසු කරමින් චීන යුවාන් (RMB) ගෙවීම් පියවීම් බැංකුව ශ්රී ලංකාවේදී විවෘත වෙයි
Local
16 October 2026
සූර්ය බල වාරි පද්ධති සඳහා පෑන් ඒෂියා බැංකුවෙන් උතුරු මැද පළාතේ ගොවීන්ට සහනදායී ණය
Local
16 October 2026
චීනයේ රෙදිපිළි කර්මාන්තය අර්බුදයක – කර්මාන්තශාලා වැසී රැකියා අහිමිවීම් ඉහළට
Local
16 October 2026