ශ්රී ලංකා පොලිසියේ 37 වෙනි පොලිස්පති ලෙස පත්කිරීමට ජනපති අනුර කුමාර දිසානායක විසින් යෝජනා කළ නීතීඥ ප්රියන්ත වීරසූරිය එම ධුරයට පත් කිරීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් ලබා දීමෙන් අනතුරුව ඔහු පොලිස්පති ධුරයේ රාජකාරි ඇරඹීමට නියමිතයි.
පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරී යන අවදි තුනම පසුකරමින් පොලිස්පති ධූරයට පත්වූ ශ්රී ලංකා පොලිසියේ මෙතෙක් බිහිවූ එකම පොලිස්පතිවරයා ලෙස ප්රියන්ත වීරසූරිය පොලිස් ඉතිහාසයම අලුත් කර තිබෙනවා.
ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් ලෙස ප්රියන්ත වීරසූරිය මුලින්ම පොලිස් සේවයට එක්වන්නේ 1988 වසරේ මැයි 20 මාසයේදීයි.
අනතුරුව ඔහු කොස්තාපල්වරයෙක් ලෙස සේවයේ නිරතව සිටියදීම 1992 වසරේ අගොස්තු 02 දා ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස ඔහු නැවත පොලිස් සේවයට එක්ව තිබෙනවා.
ඒ වන විට ඔහු විශ්වවිද්යාල වරම්ද හිමිකරගෙන අවසන්.
පොලිස් සේවයේ රැදී සිටියදීම කොළඹ විශ්වවිද්යාලයට ඇතුලත්ව එල්.එල්.බී. නීති උපාධිය හිමිකරගන්නා ප්රියන්ත වීරසූරිය ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස නැවතත් පොලිස් සේවයට එක්වන්නේ ආධුනික සහකාර පොලිස් අධිකාරීවරු බඳවා ගන්නා තරග විභාගයෙන් ඉහළින්ම සමත්වයි.
ඒ අනුව 1999 වසරේ මාර්තු 05 වෙනිදා ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස පොලිස් සේවයට එක්ව තිබෙනවා.
බස්නාහිර පළාත් භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සංජීව ධර්මරත්න, පුහුණු හා උසස් අධ්යාපන අංශය භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්ත, දකුණු පළාත් භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති කිත්සිරි ජයලත්, අපරාධ හා රථවාහන අංශය භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, සහයක සේවා භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති රාජිත ශ්රී දමින්ද එම නිලධාරීන් මෙන්ම පොලිස් නාවික අංශය භාර නියෝජ්ය පොලිස්පති නාලක ද සිල්වා ප්රියන්ත වීරසූරිය සමඟ ආධුනික සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස එක්වූවන් බවද සඳහන්.
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේද අවස්ථා කිහපයකදීම සේවයේ නිරතව සිට ඇති ප්රියන්ත වීරසූරිය 2015 වසරේදී එල්.එල්.එම්. උපාධියද සම්පූර්ණ කළා.
අනතුරුව ඔහු 2019 වසරේදී කොළඹ විශ්වවිද්යාලයෙන් මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් උපාධියද ලබාගෙන තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්රියන්ත වීරසූරිය වැඩ බලන පොලිස්පති ලෙස පත්කරනු ලබන්නේ 2024 සැප්තැම්බර් 27 වෙනිදාය.
1969 පෙබරවාරි 09 වෙනිදා උපන් ප්රියන්ත වීරසූරිය සිය වයස අවුරුදු 60න් පොලිස් සේවයෙන් විශ්රාම ගැනීමට නියමිත ව ඇත්තේ 2029 වසරේ පෙබරවාරි 09 වෙනිදාටයි.

Latest News
එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවට සාක්ෂි දීමට සුරේෂ් සලේ ත්රිපුද්ගල මහාධිකරණය හමුවට
Local
16 October 2026
කියුබානු තානාපතිනිය සහ අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් අතර අධ්යාපන හා සෞඛ්ය සහයෝගීතාව ව්යාප්ත කිරීමට සාකච්ජා
Local
16 October 2026
අධිකරණ නියෝගයට ගරු කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තාවකාලික අට්ටාල මහා සංඝරත්නය විසින් ඉවත් කර ගනී
Local
16 October 2026
කොළඹ වරායේ සංවර්ධන කටයුතු සඳහා අමෙරිකාවෙන් ඩොලර් මිලියන 17ක මූල්ය ප්රදානයක්
Local
16 October 2026
ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන්නැයි අස්ගිරි මහ නාහිමියන් බන්ධනාගාර කොමසාරිස්ට කියයි
Local
16 October 2026
දෙරට අතර වෙළඳ සහ ආයෝජන වඩාත් පහසු කරමින් චීන යුවාන් (RMB) ගෙවීම් පියවීම් බැංකුව ශ්රී ලංකාවේදී විවෘත වෙයි
Local
16 October 2026
සූර්ය බල වාරි පද්ධති සඳහා පෑන් ඒෂියා බැංකුවෙන් උතුරු මැද පළාතේ ගොවීන්ට සහනදායී ණය
Local
16 October 2026
චීනයේ රෙදිපිළි කර්මාන්තය අර්බුදයක – කර්මාන්තශාලා වැසී රැකියා අහිමිවීම් ඉහළට
Local
16 October 2026
මිහින්තලා සෑයේ චූඩ මාණික්යයට පොලිස් ආරක්ෂාව නෑ : මිහින්තලේ හිමියන්ගෙන් බරපතළ හෙළිදරව්වක් සහ හඬපටයක් එළියට
Local
16 October 2026
කාවන්තිස්ස සියඹලන්ගමුවේදී ඇදවැටී සිටියදී හමුවෙයි
Local
16 October 2026