International03 September 2025

බීජිං හි පැවති දැවැන්ත හමුදා පෙළපාලියකදී කිම් සහ පුටින්, ෂී ජින් පිං සමඟ එක්වෙති

අද බීජිං හි පැවති දැවැන්ත හමුදා පෙළපාලියකදී රුසියාවේ ව්ලැඩිමීර් පුටින් සහ උතුරු කොරියාවේ කිම් ජොන් උන් චීනයේ ෂී ජින්පින්ට පසෙකින් සිටීම දක්නට ලැබුණා.

අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ලෝකයට අභියෝග කරමින් මෙම තිදෙනා එකට ඡායාරූප ගත කළ පළමු අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ෂී ඔවුන් දෙදෙනාගේම දෑත් සොලවා යුවළ සමඟ කතාබස් කරමින් ටියනන්මෙන් චතුරශ්‍රය දෙසට රතු පලස දිගේ ඇවිද ගොස් ඇති අතර, පුටින් ෂීගේ දකුණු පසින් සහ කිම් ඔහුගේ වම් පසින් සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes