General10 September 2025

දිනක් තුළ පුද්ගලයන් 642ක් දැලේ!

පොලිස්පති උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමේ විශේෂ මෙහෙයුම්වලට අදාළව ඊයේ(9) පුද්ගලයන් 642 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසනවා.

ඒ පුද්ගලයන් 27094 දෙනකු පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

අත් අඩංගුවට ගත් පුද්ගලයන් අතර අපරාධවලට සෘජුව සම්බන්ධ 19දෙනකු, වරෙන්තුකරුවන් 190දෙනකු, විවෘත වරෙන්තුකරුවන් 157දෙනකු, බීමත් රියැදුරන් 46දෙනකු සහ අපරාධවලට සෘජුව සම්බන්ධ පුද්ගලයන් 18දෙනකු සිටින බවද පොලිස් මූලස්ථානය කියනවා.
Related recommendation
Hiru TV News | Programmes