පෙර පැවති සමානුපාතික ක්රමයට පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීමට අවශ්ය පියවර ගන්නා ලෙසට දේශපාලන පක්ෂ ගණනාවකගේ ඉල්ලීම පරිදි ලිපියක් රාජ්ය පරිපාලන ,පළාත් සභා හා පළාත් පාලන අමාත්ය මහාචාර්ය චන්දන අභයරත්නට ඊයේ දින (14)යොමු කළ බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි ප්රකාශ කරනවා.
සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්රී ලංකා පොදුජන පෙරමුණ ,ශ්රී ලංකා නිදහස් පක්ෂය ,දෙමළ ජාතික සන්ධානය ඇතුළු ප්රධාන දේශපාලන පක්ෂ රැසක් සමග මේ සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය සාකච්ඡා කළ බවත් ඵම සියලුම පක්ෂ එකඟතාවයකට පැමිණියේ පැරණි ක්රමයට මෙවර පළාත් සභා ඡන්දය පවත්වන ලෙසට බව රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දෙනවා.
නව ක්රමයට පළාත් සභා ඡන්දය පැවැත්වීමට ගියහොත් යම්කිසි කාලයක් යන නිසා මෙවර පමණක් පැරණි ක්රමයට පළාත් සභා ඡන්දය පවත්වා ඉන් පසුව අලුත් ඡන්ද ක්රමයට පැවැත්වීම වඩා සුදුසු බව එම පක්ෂ ප්රකාශ කළ බවද රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කරනවා.
මේ අනුව මෙම පක්ෂවල ඉල්ලීම මත පැරණි ක්රමයට පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීමට අවශ්ය පියවර ගන්නා ලෙසට ආණ්ඩුවට ප්රකාශ කළ බවත් ඒ සම්බන්ධයෙන් අදාළ විෂයභාර අමාත්යවරයාට ලිපියකින් දැනුම් දුන් බවත් රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කරනවා .
මීට අමතරව අනෙකුත් දේශපාලන පක්ෂද එම පක්ෂවල ලේකම්වරුන් විසින් විෂය භාර අමාත්යවරයාට ඉදිරියේදී පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීමට අදාළව පියවර ගන්නා ලෙසට ලිපි යොමු කිරීමට එකඟත්වය පළ කර තිබෙන බවද රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළා.
පළාත් සභා පනතට සුළු සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමෙන් අනතුරුව පළාත් සභා ඡන්දය පැරණි ක්රමයට කඩිනමින් පැවැත්වීමට හැකි බවද රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කළා.

Latest News
එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවට සාක්ෂි දීමට සුරේෂ් සලේ ත්රිපුද්ගල මහාධිකරණය හමුවට
Local
16 October 2026
කියුබානු තානාපතිනිය සහ අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් අතර අධ්යාපන හා සෞඛ්ය සහයෝගීතාව ව්යාප්ත කිරීමට සාකච්ජා
Local
16 October 2026
අධිකරණ නියෝගයට ගරු කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තාවකාලික අට්ටාල මහා සංඝරත්නය විසින් ඉවත් කර ගනී
Local
16 October 2026
කොළඹ වරායේ සංවර්ධන කටයුතු සඳහා අමෙරිකාවෙන් ඩොලර් මිලියන 17ක මූල්ය ප්රදානයක්
Local
16 October 2026
ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන්නැයි අස්ගිරි මහ නාහිමියන් බන්ධනාගාර කොමසාරිස්ට කියයි
Local
16 October 2026
දෙරට අතර වෙළඳ සහ ආයෝජන වඩාත් පහසු කරමින් චීන යුවාන් (RMB) ගෙවීම් පියවීම් බැංකුව ශ්රී ලංකාවේදී විවෘත වෙයි
Local
16 October 2026
සූර්ය බල වාරි පද්ධති සඳහා පෑන් ඒෂියා බැංකුවෙන් උතුරු මැද පළාතේ ගොවීන්ට සහනදායී ණය
Local
16 October 2026
චීනයේ රෙදිපිළි කර්මාන්තය අර්බුදයක – කර්මාන්තශාලා වැසී රැකියා අහිමිවීම් ඉහළට
Local
16 October 2026
මිහින්තලා සෑයේ චූඩ මාණික්යයට පොලිස් ආරක්ෂාව නෑ : මිහින්තලේ හිමියන්ගෙන් බරපතළ හෙළිදරව්වක් සහ හඬපටයක් එළියට
Local
16 October 2026
කාවන්තිස්ස සියඹලන්ගමුවේදී ඇදවැටී සිටියදී හමුවෙයි
Local
16 October 2026