රේගුව විසින් රඳවා ගැනීමෙන් අනතුරුව මේ වනවිට බැංකු ඇපකර මත මුදාහැර තිබෙන BYD වාහනවල මෝටර් ධාරිතාව නිගමනය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුවේ වාර්තාව ඉදිරි සති කිහිපය තුළ ලැබීමට නියමිතව තිබෙන බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.
තමන් විසින් ආනයනය කළ බී.වයි.ඩී වාහන ශ්රී ලංකා රේගුව විසින් රඳවා ගැනීමට එරෙහිව ජෝන් කීල්ස් සීජී සමාගම විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ශ්රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා මෙම දැනුම්දීම සිදු කළා.
මෙම පෙත්සම අද අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්රියන්ත ප්රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී වාහන ආනයනයකරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයින්ට මෙම පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.
එම ඉල්ලීමට ජෝන්ස් කීල්ස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමීල් මහත්මිය දැඩි විරෝධය පළ කළා.
ඇය සදහන් කළේ මෙම නඩුකරයට මැදිහත්වීමට අතරමැදි පෙත්සම්කරුවන්ට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බවයි.
මෙවැනි නඩුකරයකට මැදිහත් විය නොහැකි බව දැක්වෙන තීන්දු ගණනාවක්ම ශ්රේෂ්ඨාධිකරණය විසින් ප්රකාශ කර ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරිය එම නඩු තීන්දුවල පිටපත් අධිකරණයට ඉදිරිපත් කළා.
ඉන් අනතුරුව අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය හරහා නිකුත් වන තීන්දුවෙන් මෙරට වාහන ආනයනයේ නිරත 446 දෙනෙකුට බලපෑම් සිදුවන බව පැවසුවා.
පෙත්සම්කාර සමාගම අනීතික සහ අක්රමිකතාවන්ගෙන් සමන්විත වන ආකාරයට මෙම වාහන ආනයනය කර තිබෙන බවත් ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වීම වළක්වා ගැනීම සඳහා පෙත්සම්කාර පාර්ශවය තමන් මෙම නඩු කටයුත්තට මැදිහත් වලක්වා ගැනීම සඳහා විරෝධය පළ කරන බවත් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා සඳහන් කර සිටියා.
එම අවස්ථාවේදී ශ්රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්ම වර්ධන මහතා අධිකරණය යොමුවේ කරුණු දක්වමින් මේ වන විට ආනයනය කර බැංකු ඇපකර මත මුදාහැර තිබෙන byd වාහනවල මෝටරයේ ධාරිතාව කිලෝ වොට් 100 ක් ද එසේත් නැත්නම් 150 ක් ද යන්න නිගමනය කිරීම සඳහා විශේෂඥ තාක්ෂණ කමිටුවක් පත් කර තිබෙන බව පැවසුවා.
මහාචාර්යවරුන් වන වයි.එම්.ආර්. අමරසිංහ , ජේ.පී. කරුණාදාස යන මහත්වරුන්ගෙන් සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජිතයකු සහ මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජිතයකුගෙන් එම කමිටුව සමන්විත බවත් ඔහු පෙන්වා දුන්නා.
එම කමිටුව විසින් අදාල මෝටර් රථවල මෝටරයේ ධාරිතාව පිළිබඳව විමර්ශනයක් සිදු කරන බවත් එහි වාර්තාව ඉදිරි සති කිහිපය තුළ ලැබීමට නියමිතව තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.
ඉන් අනතුරුව මෙම නඩුකරයට පාදක වන ගැටළුව නිරාකරණය කර ගැනීමට හැකියාව සැලසෙනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.
ඉන් අනතුරුව මෙම පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 22 වනදා දක්වා කල් තැබීමටද අභියාචනාධිකරණය නියම කළා.

Latest News
එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවට සාක්ෂි දීමට සුරේෂ් සලේ ත්රිපුද්ගල මහාධිකරණය හමුවට
Local
16 October 2026
කියුබානු තානාපතිනිය සහ අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් අතර අධ්යාපන හා සෞඛ්ය සහයෝගීතාව ව්යාප්ත කිරීමට සාකච්ජා
Local
16 October 2026
අධිකරණ නියෝගයට ගරු කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තාවකාලික අට්ටාල මහා සංඝරත්නය විසින් ඉවත් කර ගනී
Local
16 October 2026
කොළඹ වරායේ සංවර්ධන කටයුතු සඳහා අමෙරිකාවෙන් ඩොලර් මිලියන 17ක මූල්ය ප්රදානයක්
Local
16 October 2026
ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන්නැයි අස්ගිරි මහ නාහිමියන් බන්ධනාගාර කොමසාරිස්ට කියයි
Local
16 October 2026
දෙරට අතර වෙළඳ සහ ආයෝජන වඩාත් පහසු කරමින් චීන යුවාන් (RMB) ගෙවීම් පියවීම් බැංකුව ශ්රී ලංකාවේදී විවෘත වෙයි
Local
16 October 2026
සූර්ය බල වාරි පද්ධති සඳහා පෑන් ඒෂියා බැංකුවෙන් උතුරු මැද පළාතේ ගොවීන්ට සහනදායී ණය
Local
16 October 2026
චීනයේ රෙදිපිළි කර්මාන්තය අර්බුදයක – කර්මාන්තශාලා වැසී රැකියා අහිමිවීම් ඉහළට
Local
16 October 2026
මිහින්තලා සෑයේ චූඩ මාණික්යයට පොලිස් ආරක්ෂාව නෑ : මිහින්තලේ හිමියන්ගෙන් බරපතළ හෙළිදරව්වක් සහ හඬපටයක් එළියට
Local
16 October 2026
කාවන්තිස්ස සියඹලන්ගමුවේදී ඇදවැටී සිටියදී හමුවෙයි
Local
16 October 2026