පෑලියගොඩ මධ්යම මත්ස්ය වෙළෙඳ සංකීර්ණයේ සේවයේ නියුතු වෙළෙඳුන් සේවකයින් සහ නීත්යානුකූල සේවා සපයන්නන් සඳහා විධිමත් හැඳුනුම්පතක් නිකුත් කර නොමැති වීම අනවසර පුද්ගලයින්ගේ පැමිණීම සොරකම් සහ වෙනත් අක්රමිකතා ඉහළ යෑමට හේතු වී ඇති බව ධීවර ජලජ හා සාගර සම්පත් නියෝජ්ය අමාත්ය රත්න ගමගේ මහතා සඳහන් කරනවා.
ඒ අනුව, එම ගැටලු නිරාකරණය කිරීමට කඩිනම් පියවර ගන්නා බව ද අමාත්යවරයා සඳහන් කරනවා.
අක්රමවත් තොග වෙළෙඳාම හේතුවෙන් ප්රශ්න රැසක් ඇති වී තිබෙන බවට වෙළෙද සංකීර්ණයේ වෙළෙදුන් අමාත්යවරයාට පවසා තිබුණා.
එසේම, වෙළඳ සංකීර්ණය වෙත ළඟා වන මත්ස්ය ලොරි, ලියාපදිංචි තොග වෙළෙඳසැල් මඟ හැර,වෙළඳ සංකීර්ණ භූමිය තුළ දීම පිටත ගැනුම්කරුවන්ට සෘජුවම අලෙවි කිරීම හේතුවෙන් ලියාපදිංචි ව්යාපාරිකයින් දැඩි අසීරුතාවකට පත්වන බවත් එම වෙළෙදුන් ඇමතිවරයාට පවසා තිබුණා.
පෑලියගොඩ මත්ස්ය වෙළඳ සංකීර්ණය යනු රටේ ආර්ථිකයට මෙන්ම ජනතාවගේ පෝෂණ මට්ටමට ද සෘජු දායකත්වයක් සපයන ඉතා වැදගත් ස්ථානයක් බවත් මෙහි පවතින ගැටලු විසඳා, සෞඛ්යාරක්ෂිත, ක්රමවත් සහ සාමකාමී ව්යාපාරික පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවත් මෙහිදී ඇමතිවරයා සඳහන් කළා.
Latest News
කියුබානු තානාපතිනිය සහ අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් අතර අධ්යාපන හා සෞඛ්ය සහයෝගීතාව ව්යාප්ත කිරීමට සාකච්ජා
අධිකරණ නියෝගයට ගරු කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තාවකාලික අට්ටාල මහා සංඝරත්නය විසින් ඉවත් කර ගනී
ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන්නැයි අස්ගිරි මහ නාහිමියන් බන්ධනාගාර කොමසාරිස්ට කියයි
දෙරට අතර වෙළඳ සහ ආයෝජන වඩාත් පහසු කරමින් චීන යුවාන් (RMB) ගෙවීම් පියවීම් බැංකුව ශ්රී ලංකාවේදී විවෘත වෙයි
සූර්ය බල වාරි පද්ධති සඳහා පෑන් ඒෂියා බැංකුවෙන් උතුරු මැද පළාතේ ගොවීන්ට සහනදායී ණය
චීනයේ රෙදිපිළි කර්මාන්තය අර්බුදයක – කර්මාන්තශාලා වැසී රැකියා අහිමිවීම් ඉහළට
මිහින්තලා සෑයේ චූඩ මාණික්යයට පොලිස් ආරක්ෂාව නෑ : මිහින්තලේ හිමියන්ගෙන් බරපතළ හෙළිදරව්වක් සහ හඬපටයක් එළියට
කාවන්තිස්ස සියඹලන්ගමුවේදී ඇදවැටී සිටියදී හමුවෙයි
සංක්රාන්ති ලිංගික පුද්ගලයන් රෝහල් වාට්ටු භාවිත කිරීමේදී ලිංගික අනන්යතාව වෙනුවට ජීව විද්යාත්මක ලිංගිකත්වය අනුව කටයුතු කළ යුතුයි - එංගලන්ත සෞඛ්ය සේවය
කතානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින නියමයක් නොමැතිව කල් යයි