International03 October 2025

‍ලොස්ඇන්ජලීස් තෙල් පිරිපහදුවක පිපිරුමකින් විශාල ගින්නක්

අමෙරිකාවේ විශාල තෙල් පිරිපහදුවක් වන කැලිෆෝනියා ප්‍රාන්තයේ බටහිර වෙරළ ප්‍රදේශයේ පිහිටි ෂෙව්රන් එල් සෙගුන්ඩෝ පිරිපහදුවේ සිදුවූ පිපිරීමකින් පසු දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා.

කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා පවසන පරිදි ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ගින්න විශාල වුවද එක් ප්‍රදේශයකට පමණක් සීමා වී තිබෙන බව ද සඳහන්.

ගින්න පාලනයට ගිනි නිවන ඒකක, හදිසි ආපදා කණ්ඩායම් විශාල වෙහෙසක් දරමින් සිටින අතර ජීවිත හානි පිළිබඳ තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ.

මෙම පිරිපහදුවේ දිනකට ‍බොරතෙල් බැරල් ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් පිරිපහදු කෙරෙනවා.

මෙහි ප්‍රමුඛතම පිරිපහදු නිෂ්පාදන වන්නේ පෙට්‍රල්, ජෙට් ඉන්ධන, ඩීසල් යන ඒවායි.

මෙම පිරිපහදුවේ ටැංකි 150ක බැරල් මිලියන 12.5ක් ගබඩා කර තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes