General13 May 2026

හැටන් ඩිපෝවේ බස් රථ ගාලට කාපට් අතුරයි

හැටන් ඩිපෝවට අයත් බස් රථ ගාල් කරන භූමිය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු ඊයේ (12) ආරම්භ කළා.

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ නෝර්වුඩ් විධායක ඉංජිනේරු කාර්යාලය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

එය නිරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි සහ හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අශෝක කරුණාරත්න සහභාගී වුණා.

දිනකට බස් රථ 90කට ආසන්න සංඛ්‍යාවක් හැටන් ලංගම ඩිපෝව මගින් ධාවනය කෙරෙනවා.

මෙසේ කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමෙන් අනතුරුව එම ඩිපෝවේ බස් රථ හැසිරවීමට ඉඩ පහසුකම් ලැබෙන බවයි ඩිපෝ කළමණාකාරවරයා කියා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes