General09 June 2026

නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධනට එක් එක් නඩුවට බරපතල වැඩ සහිත වසර 04 බැගින් සිරදඬුවම්

දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධනට එක් එක් නඩුවට බරපතල වැඩ සහිත වසර හතර බැගින් කොළඹ මහාධිකරණය විසින් සිරදඬුවම් නියම කළා.

ඊට අමතරව එම නඩු සඳහා සරණ ගුණවර්ධනට රුපියල් ලක්ෂ 18 ක දඩයක්ද අධිකරණය විසින් නියම කළා.

නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට වාහන තුනක් කුලී පදනම මත ලබා ගැනීමේදී ඒවායේ හිමිකරුවන්ට වාසියක් සැලසෙන ආකාරයෙන් කටයුතු කරමින් රජයට පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධනට විරුද්ධව මෙම නඩුව හතර ගොනු කර තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes