General09 June 2026

තලවතුගොඩ අවන්හලක ගින්නක් - තිදෙනෙකු බේරා ගනී

තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලක අද (09) පෙරවරුවේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ තුනක් එම ස්ථානයට යොදවා ඇති බවයි ගිනි නිවන සහ ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව තහවුරු කරයි.

ගින්න හටගන්නා අවස්ථාවේ ගොඩනැගිල්ල තුළ සිරවී සිටි පුද්ගලයින් තිදෙනෙකු ගිනි නිවන භටයින් විසින් බේරාගෙන තිබෙනවා.

තුවාල ලැබූ දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය පවසන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, තලවතුගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes