International09 June 2026

හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී අමෙරිකානු හෙලිකොප්ටරයක් කඩා වැටෙයි - නියමුවන් දෙදෙනා බේරෙයි

හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී එක්සත් ජනපද හමුදාවට අයත් AH-64 Apache වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක් කඩා වැටී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

යානයේ සිටි නියමුවන් දෙදෙනාම නිරුපද්‍රිතව මුදාගෙන ඇති අතර ඔවුන් සුවයෙන් පසුවන බවයි අමෙරිකානු ජනපති ඩොනල්ට් ට්‍රම්ප් පවසන්නේ.

ඉරානය සහ ඊශ්‍රායලය අතර පෙරදින සිදු වූ දරුණු වෙඩි හුවමාරුවකින් පසු මෙම අනතුර සිදුව ඇති අතර, එමඟින් මැදපෙරදිග කලාපයේ පවතින බිඳෙනසුලු සටන්විරාමය ස්ථාවර කිරීම සඳහා වන සාකච්ඡා දැඩි අවදානමකට ලක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

යානය කඩා වැටීමට හේතුව ඉරාන ප්‍රහාරයක්ද, එසේත් නැතහොත් යාන්ත්‍රික දෝෂයක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මුලින්ම වාර්තා කළේ.

මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව හෝ මධ්‍යම බලඇණිය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී මාධ්‍යවේදීන් ඇමතූ ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ, මෙම හෙලිකොප්ටර් අනතුර පිළිබඳව තම කණ්ඩායම හෙට දින විශේෂ වාර්තාවක් නිකුත් කරන බවයි.

එමෙන්ම ඉරානය සමඟ පවතින සාකච්ඡා පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී දැඩි සුබවාදී අදහස් පළ කර සිටියා. "තව දින දෙකක් හෝ තුනක් ඇතුළත ගිවිසුමකට අත්සන් තැබීමට අපට හොඳ අවස්ථාවක් තිබෙනවා," යැයි ට්‍රම්ප් පැවසුවද, එවැනි සුබවාදී ස්ථාවරයකට පැමිණීමට හේතු වූ නිශ්චිත කරුණු කිසිවක් ඔහු අනාවරණය කළේ නැහැ.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා:

"අපි ඉතාමත් ශක්තිමත්, විශිෂ්ට මෙන්ම බලගතු ගිවිසුමකට බෙහෙවින්ම සමීප වී සිටිනවා. අපට අවශ්‍ය නම් ඉතා පහසුවෙන් ගොස් තව සති දෙක තුනක් බෝම්බ හෙළන්න පුළුවන්. එවිට ඔවුන්ට කිසිවක් ඉතිරි වන්නේ නැහැ. නමුත් එසේ කළහොත් මාස ගණනාවක් යනතුරු මෙම සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට නොහැකි වනු ඇති.
Related recommendation
Hiru TV News | Programmes