General09 June 2026

කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ සාක්ෂි ලබන 19 වැනිදා තෙක් කල්තැබෙයි

අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණයේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 19 වන දින යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (09) නියෝග කළා.

සිද්ධියට අදාල 22, 25 සහ 29 යන සාක්ෂිකරුවන් වන කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වන උප පොලිස් පරීක්ෂක එම් උදේෂ් දමයන්ත, අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපතිවරයා වන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් සේනාධිර ද සිල්වා සහ පොලිස් සීසීටීවී කොට්ඨාශයේ පොලිස් කොස්තාපල් මදුෂ සමීර සම්පත් යන අය සාක්ෂි ලබා දෙනු ලැබුවා.

සිද්ධියට අදාල අනෙක් සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි කැඳවීම මීළඟ දිනට කල් තැබුවා.
Related recommendation
Hiru TV News | Programmes