General09 June 2026

විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි

රැකියා සඳහා විදේශගත වන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ පවුල්වල දිගුකාලීන අභිවෘද්ධිය සහ තිරසර සංවර්ධනය උදෙසා 'විගමනික ශ්‍රමික පවුල් සංවර්ධනය සඳහා ඒකාබද්ධ ක්‍රමවත් ප්‍රවේශය' නමින් විශේෂ පස් අවුරුදු සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට මෙලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

රැකියා සඳහා විදේශගත වන කාන්තාවන්ගේ පවුල්වල සිටින වයස අවුරුදු 2 හෝ ඊට වැඩි දරුවන්ගේ ආරක්ෂාව හා අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු වුවද, එම පවුල්වල තිරසර සංවර්ධනය පිළිබඳව මෙතෙක් ප්‍රමාණවත් අවධානයක් යොමු වී නොමැති බව රජය නිරීක්ෂණය කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes