General09 June 2026

අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් චාන්දනී සාගරිකා බෝගහවත්ත

ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරිනි චාන්දනී සාගරිකා බෝගහවත්ත පුර්ණ කාලීනව වැඩ බැලීමේ පදනම මත අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් තනතුරකට පත් කිරීම පිණිස 2024-12-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ඇය 2026-01-01 දින සිට ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියටයි උසස් කරනු ලැබ ඇත්තේ.

ඒ අනුව, චාන්දනී සාගරිකා බෝගහවත්ත අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් තනතුරකට ස්ථිර පදනමින් පත් කිරීම පිණිස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes