අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාගේ මරණ පරීක්ෂණ සාක්ෂියට අදාලව මේ වන විට සාක්ෂිකරුවන් 22ගෙන් සාක්ෂි ලබා ගත් බව අද (9) අධිකරණයේදී හෙළි වුණා.
වැඩිදුර සාක්ෂි විභාගය ලබන 19 වන දින යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත්වරයා එහිදි නියෝග කළා.
කපිල චන්ද්‍රසේන මියගිය ස්ථානයේ පුටුව යට තිබී රුධිරය විය හැකි පැල්ලමක් සහ ඔහු හිස තියාගෙන සිටි පුටුවෙහි ද ලේ පැල්ලමක් තිබු බව අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපතිවරයා වන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් සේනාධිර ද සිල්වා අද (9) අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙමින් පවසා සිටියා.
ඒ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ.
එම ස්ථානයේ තිබූ ලේ පැල්ලම් සාම්පල් යැවීම සඳහා ලබාගත් බවද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සාක්ෂි ලබා දෙමින් සඳහන් කළා.
සිද්ධියට අදාල 22 ,25 සහ 29 සාක්ෂිකරුවන් වන කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වන උප පොලිස් පරීක්ෂක එම් උදේෂ් දමයන්ත , අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපතිවරයා වන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් සේනාධිර ද සිල්වා සහ පොලිස් සීසීටීවී කොට්ඨාශයේ පොලිස් කොස්තාපල් මදුෂ සමීර සම්පත් යන අය සාක්ෂි ලබා දෙනු ලැබුවා.
සිද්ධියට අදාල අනෙක් සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි කැඳවීම මීළඟ දිනට කල් තැබුවා.
සිද්ධියට අදාලව සාක්ෂි ලබාදෙමින් කොලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උදේෂ් දමයන්ත සාක්ෂි ලබා දෙනු ලැබුවා.
2026 මැයි මස 8 වන දින තමයි මේ සිදුවීම සිදුවන්නේ. ස්ථානාධිපතිවරයා විසින් මා හට දුරකථන ඇමතුමක් ලබා දුන්නා අංක 37,පේදිරිස් පාර, කොල්ලුපිටිය ලිපිනයේ අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ ගෙල වරදවාගෙන පුද්ගලයෙක් සියදිවි නසාගෙන සිටින බවට.
පොලිසිය : ඊට පස්සේ ඔබ තුමා මොකද කළේ.
සාක්ෂිකරු: මම මගේ අපරාධ අංශ නිලධාරීන් වන පොලිස් සැරයන් තුන්දෙනෙක් සහ පොලිස් කොස්තාපල්වරුන් තුන් දෙනෙක් එක්ව සිද්ධිය සිදුවූ තැනට ජංගම රථයෙන් පිටව ගියා.
පොලිසිය: එම ස්ථානයට ගොස් සාක්ෂිකරු කුමන රාජකාරියක් කළාද?
සාක්ෂිකරු : මම ඒ වෙලාවේ එම නිවස තුළ රැඳී සිටිය අයගෙන් ප්‍රකාශ ලබා ගත්තා. පෞද්ගලික රෝහලෙන් පැමිණී සිටි වෛද්‍යවරිය ඇතුලේ තුන්දෙනෙක් ගැන ප්‍රකාශය සටහන් කර ගත්තා. එම නිවසේ රියදුරන් දෙන්නෙක් සහ සුළු සේවකයන් තුන්දෙනෙක් සිටියා. ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත්තා. අරවින්ද ද සිල්වාගේ නිවෙසට ගිහින් සහ අරවින්ද ද සිල්වාගේ බිරිඳගෙන් සහ එහි සිටි නීතිඥ ප්‍රියන්ත යන අයගෙන් ප්‍රකාශ ලබා ගත්තා.
සිද්ධියට අදාලව 25 වන සාක්ෂිකරු වන අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපතිවරයා වන ප්‍රධාන පොලිස් පරීක්ෂක කොළඹ දකුණ බාර ප්‍රසාද් සේනාධිර ද සිල්වා සාක්ෂි ලබාදෙමින් පවසා සිටියේ මරණකරු මියගිය ස්ථානයේ තිබී සාක්ෂි එකතු කර ගැනීම සිදුකළ බවයි.
පොලිසිය: මෙම සිද්ධියට අදාලව සාක්ෂිකරු කුමන රාජකාරියක් කළාද?
සාක්ෂිකරු: මට 8.45 ට ඇමතුමක් ලැබෙනවා.8.50 ට පිට ගියා එම ස්ථානයට මගේ සහයක නිලධාරීන් දෙදෙනෙක් ද එක්ව. එම ස්ථානයට ගියාට පස්සේ මට කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති සිලෝගම සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කළා. අරවින්ද ද සිල්වාගේ ගෙදර පළමු මහලේ තරප්පු පෙළ ඉදිරිපස තිබෙන කාමරයේ දොර විවෘත කර තිබුණා.
පොලිසිය: එම කාමරයට එහෙමට දොරවල් කියක් තිබුණාද?
සාක්ෂිකරු: වම් පැත්තේ තිබුණු තවත් කාමරයකින් එම කාමරයේ වැසිකිලියට ඒමට දොරක් තිබුණත් ඒ වෙනකොටත් ඒක අගුළුලා තිබුණේ.
පොලිසිය: මෙම පුද්ගලයා මියගිය ස්ථානයේ තිබී මොනවද සොයාගැනීමට හැකි වුණේ.
සාක්ෂිකරු: රුධිරය විය හැකි බිංදුවක් වැටිලා තිබ්බා. ඔහු ඔළුව තියාගෙන තිබුන පුටුව යට.එසේම අධිකරණ වෛද්‍යවරයා ඇවිල්ලා ඔහුව එම පුටුවෙන් ඉවත් කළ පසු එම පුටුවෙත් ලේ පැල්ලමක් තිබ්බා මම ඒවාගෙන් සාම්පල් ලබා ගත්තා.
පොලිසිය: ඊට අමතරව සාක්ෂිකරු මොනවද සොයාගත්තේ.
සාක්ෂිකරු: නිල්පාට පටියක් එල්ලී තිබුණා. නාන කාමරයේ දොරේ ඉහල ධාරයේ සිට පහළට. පටිය ඇතුලේ ලා නිල් පාටට හුරු කෙඳි තිබ්බා. ගෙලවෙල දා ගත්තා විය හැකි යැයි සිතා එම පටියෙන් ඒ නිසා මම එම කෙඳි ලබාගත්තා.විනිවිද පේන බෑග් එකට දැම්මා.
දොරේ ඉහල දාරයෙන් එම පටිය ඉවත් කර හරස් අතට 2mm ට ආශ්‍රිතව පරික්ෂා කිරීමේදී ඉහළ දාරය තුළ තෙරපීමක් තිබෙන බවට නිරීක්ෂණය වුණා.
පොලිසිය: මීට අමතරව සාක්ෂිකරු තව මොන වගේ දේපලද එම සිද්ධිය වු ස්ථානයෙන් සොයා ගත්තේ.
සාක්ෂිකරු: අනිත් දේපළ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් බාරගත්තා.
සිද්ධියට අදාලව 29 වන සැකකරු වන පොලිස් සීසීටීවී කොට්ඨාශයේ නිලධාරියකු වන පොලිස් කොස්තාපල් මදුෂ සමීර සම්පත් මෙලෙස සාක්ෂි ලබාදෙමින් සඳහන් කළා.
සාක්ෂිකරු: අපරාධය සිදුවූ ස්ථානයේ සීසීටීවී දර්ශන ලබාදීමේ තාක්ෂණික සහය මා විසින් ලබාදෙනු ලැබුවා. කොල්ලූපිටිය පොලිස් ස්ථානයෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. ඒ අනුව මම එම ස්ථානයට ගියා. ඒ වෙලාවේ දැනගන්න ලැබුණා සැක සහිත මරණයක් කියලා.
පොලිසිය: ඒ වෙද්දී සීසිටීවී කැමරා කීයක් ක්‍රියාකාරිව තිබුණාද?
සාක්ෂිකරු: සීසීටීවී කැමරා පහක් ක්‍රියාකාරිකව තිබුණා.මාර්ගය අවට ආවරණය වෙලා තමයි තිබුණේ. මම එහි DVR යන්ත්‍රය පරීක්ෂා කළා. එහි දිනය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබුණේ. 2002/1/10 වශයෙන් තමයි දිනය සඳහන් වෙලා තිබුණේ. සිද්ධිය සම්බන්ධයෙන් දර්ශන පටිගත වෙලා තිබුණෙ නැහැ. 2025/6/23 - 2025/7/20 දක්වා 2025/4/24 - 2025/11/30 යන දිනවල පමණයි දර්ශන පටිගත වෙලා තිබුණේ. ඒ දිනවල දර්ශනා ක්‍රමානුකූලව පටිගතවෙලා.
පොලිසිය: මෙලෙස සීසීටීවී දර්ශන පටිගත නොවෙන්න හේතුව කුමක්ද?
සාක්ෂිකරු : හාඩ් ඩිස්ක් එක පිරුණාම පටිගත කිරීම වෙන්නේ නැහැ.
පොලිසිය: මෙම ස්ථානවලට අමතරවව තවත් සීසීටීවී දර්ශන පරීක්ෂා කළාද?
සාක්ෂිකරු: ඔව් අංක 18 , පෙදිර්ස් මාවත ,කොළඹ තුන ලිපිනියේ සහ පෙදිරිස් මාවත, කොළඹ 3 ලිපිනයේ නිවෙස් දෙකක සීසීටීවී දර්ශන පරීක්ෂා කළා. බාන්ස් පෙදෙස, කුරුඳුවත්ත කොළඹ හත නිවසේ සීසීටීවී පරීක්ෂාවට ගියත් එහි එම්ඊආර් යාන්ත්රයේ මුර පදය, පරිශීලික පදය කවුරුත් දන්නැති හින්දා අපිට පරික්ෂා කරන්න බැරි වුණා.
පොලිසිය; සිද්ධියට අදාල මරණය සම්බන්ධයෙන් එම සීසීටීවී දර්ශන යම් සාක්ෂියක් තිබුණාද?
සාක්ෂිකරු: මම දර්ශන පරීක්ෂා කළේ නැහැ. අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දුන්නා පමණයි.
අධිකරණය: අරවින්ද ද සිල්වාගේ නිවසේ සීසීටීවී කැමරා පරීක්ෂා කළේ කීයටද?
සාක්ෂිකරු: පැය 13.30 ට විතර. ඩි.වි.ආර් එකත් පරීක්ෂා කළේ ඒ වෙලාවට.
අධිකරණය: නිවසේ මේ ඩීවීආර් එක නිවසේ තිබුණේ මොන ස්ථානයද?
සාක්ෂිකරු: නිවෙසේ පරිපථ පද්ධතිය වෙනම ස්ථානයක තිබුණා වෙනම කාමරයක ඒ කාමරේත් වෙනම ලෝකර් එකක් ඇතුළත තමයි මේ ඩි.වි.ආර් එක සවි කරලා තිබුණේ. පද්ධතියට පිවිසීමට අවශ්‍ය මුරපදය පරිශිලක පදය නිවසේ සිටි සේවකයෙක් ලබා දුන්නා.
සිද්ධියට අදාල වැඩිදුර සාක්ෂි විභාගය ලබන 19දා යළි කැඳවිමට නියමිතයි.

Latest News
මහජන හදිසි අවස්ථා තත්ත්වය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව, වැඩි ඡන්ද 128 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
Local
09 June 2026
සලේගේ බිරිඳ සහ පුත්‍රයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දකිති
Local
09 June 2026
ආසියානු සයිබර් අපරාධකරුවන්ගේ නවතම කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පෙරට - බ්ලූම්බර්ග් අනාවරණය කරයි
Local
09 June 2026
සුරේෂ් සලේගේ බිරිඳ දකිද්දී ගෝඨාභයගේ කාලේ මතක් වුණා: මුජිබර් රහුමාන්ගෙන් ෆේස්බුක් සටහනක්
Local
09 June 2026
කපිලගේ මරණ පරීක්ෂණයේ සාක්ෂි 22ක් ලබාගෙන අවසන්
Local
09 June 2026
දිට්වා මුදල් වංචා කළැයි ග්‍රාම නිලධාරීවරයා ඇතුලු දෙදෙනා යළිත් රිමාන්ඩ්
Local
09 June 2026
හොරණ බැංකු කොල්ලයේ සැකකාර සහකාර කළමනාකාරවරයා යළිත් රිමාන්ඩ්
Local
09 June 2026
කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 143.89 කින් ඉහළට
Local
09 June 2026
ඩෙංගු මර්දන පළමු දිනයේ පරිශ්‍ර රැසක් කොටු වෙයි
Local
09 June 2026
'Scooby-Doo Origins' ටෙලිමාලාව ගැන අලුත්ම තොරතුරු රැසක් එළියට
Local
09 June 2026