General09 June 2026

සුරේෂ් සලේගේ බිරිඳ දකිද්දී ගෝඨාභයගේ කාලේ මතක් වුණා: මුජිබර් රහුමාන්ගෙන් ෆේස්බුක් සටහනක්

මේ‍ දවස්වල සුරේෂ් සලේගේ බිරිඳ නිතර මාධ්‍ය තුළ දකින්න ලැබෙන බවත් එය දුටු විට ගෝඨාභයගේ පාලන කාලය තුළ වූ සිදුවීමක් මතකයට ආ බව කියමින් සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තැබීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කටයුතු කර තිබෙනවා.

''එදා හිජාස් මහතාට බොරු චෝදනා නගමින් ඔහු මහ මොළකරු කරන්න සුරේෂ් සලේ උත්සාහ කළේ ඇයිද යන්න? සොයා බැලිය යුතුය'' යන්න එහි සඳහන්.

''ඔහු අහිංසකනම්‍ බියවිය යුතු නැත, නීතියේ ඉදිරියේ ඔහුගේ නිර්දෝෂ භාවය ඔප්පු කළ යුතුය, නැතුව සියදිවි හානිකර ගැනිම නොවේ'' යැයිද එහි දක්වා තිබෙනවා.

2020 අප්‍රේල් මස දිනෙක රාත්‍රී නවයට පමණ හිජාස් මහතාගේ බිරිඳගෙන් හදිසි දුරකථන ඇමතුමක් ලැබුණු බවත් CID නිලධාරින් සිය නිවසට පැමිණි බව ඇය දැන්වූ බවත් එහි සඳහන් වනවා.

අනතුරුව තමා එම නිවසට ගිය බවත් CID නිලධාරින්ගේන් විමසීමේදී කට උත්තරයක් ලඛා ගැනිමට අවශ්‍ය බව කියා හිජාස් මහතාව අත්අඩංගුවට ගෙන CIDය වෙත රැගෙන ගිය බවත් සටහන් තබා තිබෙනවා.

එහිදී ඔහු CIDය දක්වා රැගෙන ගිය බවත් සටහන් තබා ඇති අතර අනතුරුව හිජාස් මහතාව DO යටතේ කාලයක් රඳවා තබා ගත් බවද සඳහන් කරනවා.
Related recommendation
Hiru TV News | Programmes