ස්පාඤ්ඤ පොලිසිය විසින් යුරෝපය පුරා සිදුකළ මෙහෙයුමකදී ප්රධාන පෙළේ හැකර් කණ්ඩායමක් වන KillSec හි නායකයා ලෙස සැලකෙන 16 හැවිරිදි රුමේනියානු ජාතික තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ස්පාඤ්ඤ පොලිසිය සඳහන් කර ඇත්තේ, ඔහු ස්පාඤ්ඤයේ ඇලිකාන්ටේ නගරයේදී අත්අඩංගුවට ගත් බවයි.
රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, යුරෝපා සංගමයේ නීතිය ක්රියාත්මක කිරීමේ ආයතනය වන Europol හි ප්රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, අත්අඩංගුවට ගත් 16 හැවිරිදි තරුණයා KillSec කණ්ඩායමේ "පරිපාලකයා" ලෙස සැක කෙරෙන බවයි.
මෙම මෙහෙයුමේදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් එක් අයෙකු බ්රිතාන්යයේදීත් අනෙක් පුද්ගලයා රුමේනියාවේදීත් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
බ්රිතාන්යයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා සම්බන්ධයෙන් පුවර්ටෝ රිකෝ රාජ්යය විසින් පිටුවහල් කිරීමේ ඉල්ලීමක් ද ඉදිරිපත් කර ඇති බව Europol සඳහන් කර තිබෙනවා.
මේ අතර, පසුගිය අගෝස්තු මාසයේදී 18 වැනි වියේ තවත් පුද්ගලයෙකුද හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.
ඔහු සංවිධානයේ සංවර්ධකයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, සිදුවීම් කිහිපයක් සිදුවන අවස්ථාවේ ඔහු බාලවයස්කරුවෙකු වීම හේතුවෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
Europol සඳහන් කර ඇත්තේ, KillSec කණ්ඩායම පරිගණක මෘදුකාංගවල ඇති දුර්වලතා සහ නිසි ආරක්ෂාවක් නොමැති ප්රවේශ ස්ථාන, විශේෂයෙන්ම Cloud Storage පද්ධති ඉලක්ක කර ගනිමින් සංවේදී තොරතුරු ලබාගෙන ඇති බවයි.
අනතුරුව එම තොරතුරු ප්රසිද්ධ කරන බවට අදාළ ආයතනවලට තර්ජනය කරමින් කප්පම් මුදල් ඉල්ලා ඇති අතර, එමගින් විශාල කප්පම් මුදල් ප්රමාණයක් ලබාගෙන ඇති බවද Europol සඳහන් කර තිබෙනවා.
මෙම විමර්ශනයට අදාළව ස්පාඤ්ඤය, ග්රීසිය, රුමේනියාව සහ බ්රිතාන්යය යන රටවල නිවාස අටක් පරීක්ෂා කර ඇති අතර, එහිදී සාක්ෂි සහ වත්කම් රැසක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි විදෙස් මාධ්ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Latest News
ආසියානු සෙවන්ස් රග්බි තරගාවලිය: ඉන්දියාව පරදා ශ්රී ලංකාවට ජයක්
Local
17 October 2026
2026 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කරයි
Local
17 October 2026
බිඳ වැටී ඇත්තේ නොරොච්චෝලේ පමණයි NSO කියයි
Local
17 October 2026
කාවන්තිස්සගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ - විපක්ෂ නායක
Local
17 October 2026
විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්රියාකරු (NSO)
Local
17 October 2026
ආසියානු රග්බි සෙවන්ස්: කසකස්තානය හමුවේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයක්
Local
17 October 2026
ඉදිරි වසර 20 තුළ ඉන්දියා - අරාබි වෙළෙඳාම ඩොලර් බිලියන 500 දක්වා තෙගුණයකින් ඉහළට
Local
17 October 2026
දිවයිනේ ගම්පහ ඇතුළු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට
Local
17 October 2026
තායිවානය සමග රාජ්යතාන්ත්රික සබඳතා පැවැත්වීමට එරෙහිව පැරගුවේ සහ බෙලීස් ඇමැතිවරුන්ට චීනයෙන් සම්බාධක
Local
17 October 2026
ඩෙංගු ව්යාප්ත වීමේ අවදානමක්
Local
17 October 2026