අමෙරිකාවේ මියාමි ජාත්යන්තර ගුවන් තොටුපළේදී පසුගිය මාසයේදී අනතුරට ලක්වූ Amazon Air භාණ්ඩ ප්රවාහන ගුවන් යානය ධාවන පථයේ ආරම්භක සීමාව පසුකර මීටර් 1,140කට ආසන්න දුරක් ගමන් කිරීමෙන් පසුව ගොඩබස්වා ඇති බව අමෙරිකානු ජාතික ප්රවාහන ආරක්ෂණ මණ්ඩලය (NTSB) අනාවරණය කර තිබෙනවා.
ඒ අනුව, ගුවන් යානය ගොඩබැස්වීමේදී අධික වේගයකින් පැමිණීමත්, ධාවන පථයෙන් ඉවතට යාම වැළැක්වීම සඳහා ප්රමාද වී ක්රියා කිරීමත් අනතුරට බලපා ඇති බවට මූලික විමර්ශන වාර්තාවෙන් කරුණු අනාවරණය වී ඇති බවයි CNN පුවත් සේවය සඳහන් කරන්නේ.
පසුගිය සැප්තැම්බර් 6 වැනිදා සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබෙනවා.
Boeing 767 වර්ගයේ එම ගුවන් යානය 21Air සමාගම විසින් භාණ්ඩ ප්රවාහනය සඳහා මෙහෙයවා ඇති අතර, එය ධාවන පථයෙන් ඉවතට ගොස් වාහන කිහිපයක ගැටීමෙන් පසුව ගිනිගෙන ඇති බව සඳහන්.
අනතුරින් තවත් පුද්ගලයින් තිදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර, ගුවන් නියමුවන් දෙදෙනාට සුළු තුවාල සිදුව ඇති බව NTSB සඳහන් කර තිබෙනවා.
මෙම වාර්තාවෙන් පළමු වරට අනාවරණය කර ඇත්තේ, එම අවස්ථාවේ Boeing 767 යානය පියාසර කරමින් සිටියේ කපිතාන්වරයා බවත්, යානය අධික වේගයකින් පැමිණෙන බවට සහායක නියමුවා කිහිපවරක්ම අනතුරු අඟවා ඇති බවත්.
කෙසේ වෙතත්, වේගය සම්බන්ධයෙන් ලැබුණු අනතුරු ඇඟවීම්වලට කපිතාන්වරයාගෙන් “ස්ථාවර වාචික ප්රතිචාරයක්” නොතිබූ බව විමර්ශකයින් සඳහන් කර තිබෙනවා.
ගුවන් යානය ධාවන පථයේ ආරම්භක සීමාව පසුකරන අවස්ථාවේදී පොළොවට අඩි 105ක් පමණ ඉහළින් පැයට සැතපුම් 200කට වැඩි වේගයකින් ගමන් කර ඇති බව ගුවන් යානයේ දත්ත සහ කළු පෙට්ටියේ තොරතුරු අනුව හෙළි වී ඇති බවයි විදෙස් මාධ්ය සඳහන් කරන්නේ.
ධාවන පථයෙන් සියයට 40ක් පමණ පසුකර ගිය පසුව යානය ගොඩබැස ඇති අතර, එය ධාවන පථයේ ආරම්භයේ සිට අඩි 3,750ක් පමණ දුරින් පැයට සැතපුම් 185ක වේගයෙන් ගොඩබැස ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේදී තවත් අඩි 2,880ක් පමණ යානය ධාවන පථය මත ගමන් කිරීමෙන් පසුවයි එහි බර සම්පූර්ණයෙන්ම රෝද මතට පැමිණ ඇත්තේ.
කළු පෙට්ටියේ දත්ත සහ නියමු කුටියේ පාලකවල පිහිටීම අනුව, යානයේ වේගය අඩු කිරීම සඳහා භාවිත කරන speed brakes සහ thrust reversers ක්රියාත්මක කර නොමැති බවද NTSB සඳහන් කර තිබෙනවා.
කපිතාන්වරයා රෝදවල තිරිංග යෙදුවද, පසුව ඔහු එම පාලකවලින් පාද ඉවත් කරගෙන ධාවන පථයේ ඉතිරිව තිබූ අඩි 1,000කටත් අඩු දුරක් වන විට ගොඩබැස්වීම අවලංගු කර නැවත ඉහළට යාම සඳහා “go around” නියෝගය ලබාදී ඇති බව සඳහන්.
එහෙත් තවත් තත්පර හතරකට පසුව යානය නතර කිරීමට යළි උත්සාහ කර තිබුණද, ඒ වනවිට ප්රමාද වැඩි වී ඇති බව විමර්ශන වාර්තාවෙන් අනාවරණය වී තිබෙනවා.
පසුව ගුවන් යානය ධාවන පථයේ අවසානයද පසුකර පැයට සැතපුම් 115ක පමණ වේගයකින් ගුවන් තොටුපළේ නාවික උපකරණ සහ විදුලි ආලෝක පද්ධතිවල ගැටී තිබුණා.
අනතුරුව එය මගී වෑන් රථයක ගැටීමෙන් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් ඇති අතර, SUV රථයකද ගැටී තිබෙනවා.
අනතුරුව ධාවන පථයේ අවසන් සීමාවෙන් අඩි 1,200ක් පමණ ඔබ්බෙන්දී ගුවන් යානය ගිනිගෙන ඇති බවයි NTSB සඳහන් කර ඇත්තේ.
ගුවන් නියමුවා යානයේ වම්පස දොරෙන් පිටතට පැන ඇති අතර, සහායක නියමුවා ගුවන් නියමු කුටියේ ජනේලයකින් පිටතට පැමිණ ඇති බව විදෙස් මාධ්ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News
පහරදීමේ සිද්ධියකට අධිකරණය මග හරිමින් සිටි නීතිඥවරයෙක් ගම්පහ අධිකරණය අසලදී අත්අඩංගුවට
Local
14 October 2026
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම ගැන සංඝ සභාවෙන් සමාව ගන්න: එජාපයෙන් නිවේදනයක්
Local
14 October 2026
කොටස් වෙළඳපොල ඒකක 281.42කින් පහළට
Local
14 October 2026
රේගුව ඔක්තෝබර්යේදී රු. බිලියන 2,208ක ආදායමක් රැස්කරමින් 2026 ඉලක්කය අභිබවයි
Local
14 October 2026
රජය සිවුරට කළ නිග්රහය සමස්ත සම්බුද්ධ ශාසනයටම කළ නිග්රහයක් - විපක්ෂ නායක
Local
14 October 2026
UCN Global 2026 සමුළුව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් ඇරඹෙයි
Local
14 October 2026
කොල්ලුපිටියේ සෙල්ලමුත්තු ඇවනියුහි අවන්හලක ගින්නක්
Local
14 October 2026
බම්බලපිටියේ නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්න මැඩ පවත්වයි
Local
14 October 2026
සරණට එරෙහි අල්ලස් නඩුවක ඉදිරි පියවර වැළැක්වීමට අතුරු තහනම් නියෝගයක්
Local
14 October 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ චීන ආර්ථික වර්ධන වේගය පහළට
Local
14 October 2026