Meta සමාගම සහ එහි සමාජ මාධ්ය වේදිකා සමග පවතින දිගුකාලීන මතභේදය යළිත් උණුසුම් කරමින් එලෝන් මස්ක් Instagram සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්රකාශයක් සිදුකර තිබෙනවා.
ඔහු ඔක්තෝබර් 1 වැනිදා X සමාජ මාධ්යයේ සටහනකට ප්රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ, “Instagram is for girls” යනුවෙන්.
Geiger Capital නමැති සමාගමක් විසින් Instagram ගිණුම නිල වශයෙන් මකා දැමූ බවත්, එය “ස්වභාවයෙන්ම කාන්තාවන් සඳහා වූ යෙදුමක්” ලෙසත් සඳහන් කරමින් පළ කළ සටහනකටයි Musk මෙම ප්රතිචාරය දක්වා ඇත්තේ.
Muskගේ එම ප්රකාශය X සමාජ මාධ්යයේ වේගයෙන් පැතිර ගොස් ඇති අතර, ඒ සම්බන්ධයෙන් පරිශීලකයින් දහස් ගණනක් ප්රතිචාර දක්වා තිබෙනවා.
කෙසේ වෙතත්, Instagram සම්බන්ධයෙන් Musk මෙවැනි ප්රකාශයක් සිදුකළ පළමු අවස්ථාව මෙය නොවන අතර, මීට පෙරද ඔහු Instagram පිළිබඳව සමාන අදහස් පළ කර තිබුණා.
පසුගිය මැයි මාසයේදී සමාජ මාධ්ය භාවිතය සම්බන්ධයෙන් ඇති වූ සංවාදයකට ප්රතිචාර දක්වමින්ද Musk, “Instagram is for girls” යනුවෙන් සඳහන් කර තිබුණා.
එමෙන්ම Instagram ගිණුම්වල සබැඳි තමන් වෙත එවන පිරිමින් සම්බන්ධයෙන්ද ඔහු එහිදී උපහාසාත්මක අදහස් පළ කර තිබූ බවයි වාර්තා වන්නේ.
Muskගේ එම ප්රකාශ සම්බන්ධයෙන් එම අවස්ථාවේදීද විවේචන එල්ල වූ අතර, සමාජ මාධ්ය භාවිතය හා ස්ත්රී-පුරුෂ ඒකාකෘති සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් ඇතිවී තිබුණා.
මූලාශ්රය : Hindustan Times

Latest News
රජය සිවුරට කළ නිග්රහය සමස්ත සම්බුද්ධ ශාසනයටම කළ නිග්රහයක් - විපක්ෂ නායක
Local
14 October 2026
UCN Global 2026 සමුළුව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් ඇරඹෙයි
Local
14 October 2026
කොල්ලුපිටියේ සෙල්ලමුත්තු ඇවනියුහි අවන්හලක ගින්නක්
Local
14 October 2026
බම්බලපිටියේ නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්න මැඩ පවත්වයි
Local
14 October 2026
සරණට එරෙහි අල්ලස් නඩුවක ඉදිරි පියවර වැළැක්වීමට අතුරු තහනම් නියෝගයක්
Local
14 October 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ චීන ආර්ථික වර්ධන වේගය පහළට
Local
14 October 2026
ජොන්ස්ටන් ප්රනාන්දුට එරෙහි සතොස නඩුව ලබන 28 වැනිදා තෙක් කල් යයි
Local
14 October 2026
යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සහ වරාය, සිවිල් ගුවන්සේවා හා බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක අතර සාකච්ඡාවක්
Local
14 October 2026
බම්බලපිටිය - කාසල් පාරේ මහල් නිවාස සංකීර්ණයක 04 වන මහළේ ගින්නක්
Local
14 October 2026
‘කුඩු සළිඳු’ගේ ගෝල ‘පියුමා’ ලබන 28 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ්
Local
14 October 2026