Meta සමාගම සහ එහි සමාජ මාධ්ය වේදිකා සමග පවතින දිගුකාලීන මතභේදය යළිත් උණුසුම් කරමින් එලෝන් මස්ක් Instagram සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්රකාශයක් සිදුකර තිබෙනවා.
ඔහු ඔක්තෝබර් 1 වැනිදා X සමාජ මාධ්යයේ සටහනකට ප්රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ, “Instagram is for girls” යනුවෙන්.
Geiger Capital නමැති සමාගමක් විසින් Instagram ගිණුම නිල වශයෙන් මකා දැමූ බවත්, එය “ස්වභාවයෙන්ම කාන්තාවන් සඳහා වූ යෙදුමක්” ලෙසත් සඳහන් කරමින් පළ කළ සටහනකටයි Musk මෙම ප්රතිචාරය දක්වා ඇත්තේ.
Muskගේ එම ප්රකාශය X සමාජ මාධ්යයේ වේගයෙන් පැතිර ගොස් ඇති අතර, ඒ සම්බන්ධයෙන් පරිශීලකයින් දහස් ගණනක් ප්රතිචාර දක්වා තිබෙනවා.
කෙසේ වෙතත්, Instagram සම්බන්ධයෙන් Musk මෙවැනි ප්රකාශයක් සිදුකළ පළමු අවස්ථාව මෙය නොවන අතර, මීට පෙරද ඔහු Instagram පිළිබඳව සමාන අදහස් පළ කර තිබුණා.
පසුගිය මැයි මාසයේදී සමාජ මාධ්ය භාවිතය සම්බන්ධයෙන් ඇති වූ සංවාදයකට ප්රතිචාර දක්වමින්ද Musk, “Instagram is for girls” යනුවෙන් සඳහන් කර තිබුණා.
එමෙන්ම Instagram ගිණුම්වල සබැඳි තමන් වෙත එවන පිරිමින් සම්බන්ධයෙන්ද ඔහු එහිදී උපහාසාත්මක අදහස් පළ කර තිබූ බවයි වාර්තා වන්නේ.
Muskගේ එම ප්රකාශ සම්බන්ධයෙන් එම අවස්ථාවේදීද විවේචන එල්ල වූ අතර, සමාජ මාධ්ය භාවිතය හා ස්ත්රී-පුරුෂ ඒකාකෘති සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් ඇතිවී තිබුණා.
මූලාශ්රය : Hindustan Times

Latest News
විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වීමත් සමග අඹතලේ ජල පවිත්රාගාරයේ කටයුතු යළි ඇරඹේ
Local
17 October 2026
විදුලි සැපයුමෙන් 50%කට වැඩි ප්රමාණයක් යථා තත්ත්වයට
Local
17 October 2026
ආසියානු සෙවන්ස් රග්බි තරගාවලිය: ඉන්දියාව පරදා ශ්රී ලංකාවට ජයක්
Local
17 October 2026
2026 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කරයි
Local
17 October 2026
බිඳ වැටී ඇත්තේ නොරොච්චෝලේ පමණයි NSO කියයි
Local
17 October 2026
කාවන්තිස්සගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ - විපක්ෂ නායක
Local
17 October 2026
විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්රියාකරු (NSO)
Local
17 October 2026
ආසියානු රග්බි සෙවන්ස්: කසකස්තානය හමුවේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයක්
Local
17 October 2026
ඉදිරි වසර 20 තුළ ඉන්දියා - අරාබි වෙළෙඳාම ඩොලර් බිලියන 500 දක්වා තෙගුණයකින් ඉහළට
Local
17 October 2026
දිවයිනේ ගම්පහ ඇතුළු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට
Local
17 October 2026