උස්බෙකිස්ථාන ජාතික කාන්තාවකට රැකියා පොරොන්දු දී ශ්රී ලංකාවට ගෙන්වා, බලහත්කාරයෙන් හා තර්ජනය කරමින් ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට වරදකරු වූ ශ්රී ලාංකික ත්රිරෝද රථ රියැදුරෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 10,000ක දඩයක් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න අද (02) නියෝග කළා.
2021 ජනවාරි 01 වැනි දින කොළඹ ගලදාරී හෝටලයේදී ඔක්සානා කර්පොවා නමැති උස්බෙකිස්ථාන ජාතික කාන්තාව මෙලෙස ලිංගික සේවය සඳහා කුට්ඨනය කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්රහයේ 360 අ (1) වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.
විත්තිකරු ('ලෝරන්ස්') සහ ඔහුගේ උස්බෙකිස්ථාන ජාතික බිරිඳ ('ජෙස්මින්') එක්ව මසකට ඩොලර් 1,500ක වැටුපක් හෝ දරුවන් බලාගැනීමේ රැකියාවක් ලබාදෙන බව පවසා අදාළ කාන්තාව මෙරටට ගෙන්වාගෙන ඇති බවයි සඳහන්.
පසුව ඇගේ ගමන් බලපත්රය රැගෙන, තර්ජනය කරමින් කොළඹ සහ මීගමුව ප්රදේශවල හෝටල් වෙත යවා ඇයව ලිංගික සේවයේ යොදවා තිබුණා.
එලෙස ලබාගන්නා මුදල් විත්තිකරු විසින් පාලනය කර ඇති අතර, එක් අවස්ථාවකදී පාරිභෝගිකයෙකුගෙන් ලැබුණු රුපියල් 5,000ක ඉතිරි මුදලද ලෝරන්ස්ගේ පෞද්ගලික බැංකු ගිණුමට තැන්පත් කර තිබූ බවට බැංකු වාර්තා මගින් තහවුරු වුණා.
නොනවත්වා සිදුවූ පීඩනය හමුවේ වින්දිත කාන්තාව තම මවට රහසින් තොරතුරු දැනුම් දීමෙන් පසුව, උස්බෙකිස්ථාන පොලිසිය කළ දැනුම්දීමකට අනුව ශ්රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයව මුදාගෙන තිබුණා.
ඉදිරිපත් වූ සාක්ෂි මගින් පැමිණිල්ලේ චෝදනා සාධාරණ සැකයකින් තොරව තහවුරු වීම හේතුවෙන් විත්තිකරුට මෙලෙස බරපතළ සිරදඬුවම් නියම කෙරුණා.

Latest News
විදුලි සැපයුමෙන් 50%කට වැඩි ප්රමාණයක් යථා තත්ත්වයට
Local
17 October 2026
ආසියානු සෙවන්ස් රග්බි තරගාවලිය: ඉන්දියාව පරදා ශ්රී ලංකාවට ජයක්
Local
17 October 2026
2026 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කරයි
Local
17 October 2026
බිඳ වැටී ඇත්තේ නොරොච්චෝලේ පමණයි NSO කියයි
Local
17 October 2026
කාවන්තිස්සගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ - විපක්ෂ නායක
Local
17 October 2026
විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්රියාකරු (NSO)
Local
17 October 2026
ආසියානු රග්බි සෙවන්ස්: කසකස්තානය හමුවේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයක්
Local
17 October 2026
ඉදිරි වසර 20 තුළ ඉන්දියා - අරාබි වෙළෙඳාම ඩොලර් බිලියන 500 දක්වා තෙගුණයකින් ඉහළට
Local
17 October 2026
දිවයිනේ ගම්පහ ඇතුළු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට
Local
17 October 2026
තායිවානය සමග රාජ්යතාන්ත්රික සබඳතා පැවැත්වීමට එරෙහිව පැරගුවේ සහ බෙලීස් ඇමැතිවරුන්ට චීනයෙන් සම්බාධක
Local
17 October 2026