මීගමුව සාගර විශ්වවිද්යාලයේ පාඨමාලා සඳහා සහභාගී වන ශිෂ්යයන්ට එහි දේශන සඳහා පැමිණෙන ගුරුවරයෙකු අමානුෂික ලෙස මානසික හා ශාරීරික පීඩා සිදුකරන බවට තොරතුරු වාර්තා වනවා.
තරුණයන් වධ බන්ධනයන්ට ලක්කරන එම සිදුවීම් පිළිබඳවයි අද හිරු සී.අයි.ඒ.අනාවරණය කරන්නේ.
මුල් ළමාවියේ සිට උසස් අධ්යාපනය දක්වා කිසිදු කායික හෝ මානසික පීඩාවලින් තොරව සිය අධ්යාපන කටයුතු නිදහසේ සිදුකිරීමට මෙරට ශිෂ්ය ශිෂ්යාවන්ට අයිතියක් පවතිනවා.
සිසුන් සතු එම අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් මීගමුව සාගර විශ්වවිද්යාලයේ දේශන සඳහා පැමිණෙන ගුරුවරයෙකු සිසුන්ට අමානුෂික ලෙස පහරදෙන බවයි එම විශ්වවිද්යාලයේ ඉගෙනුම ලබන දරුවෙකුගේ මවක් හිරු සී.අයි.ඒ.වෙත තොරතුරු හෙළි කළේ.
සාගර විශ්වවිද්යාලයේ ඉගෙනුම ලබන දරුවෙකුගේ මවක්,
''අපේ පුතාලා ඉගෙන ගන්නේ Ocean University එකේ. දරුවන්ට අමානුෂික ලෙස පහර දෙනවා. දරුවන්ගේ පිටිපස්සට තමයි පහර දෙන්නේ. කොසු මිටවල් කැඩෙනකම් පහර දෙනවා. ඩිප්ස් ගස්සනවා.කුණු ඩස්ට්බින් ඔලුවේ තියාගෙන ඇවිද්දවනවා.
ඒ දරුවන් ගෙදර ආවත් වැතිරිලා ඉන්නේ මුණින් අතට පස්ස තියලා පුටුවක ඉඳගන්නවත් බැරි තරම් වේදනාවෙන් දරුවෝ දුක් විඳිනවා. හිරු C.I.A. අංශය මේ ගැන හැකි ඉක්මනින් ක්රියාමාර්ගයක් ගන්න'' යැයි පැවසුවා.
එම මව පවසන පරිදි මීගමුව සාගර විශ්වවිද්යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට කෲරත්වයෙන් සලකන්නේදැයි සෙවීමට අප එහි ළඟා වු අවස්ථාවේ දැකගත හැකිවුයේ අදාළ දේශකයා විසින් දරුවන්ට බිම ඉඳගන්නා ලෙස අණකර තවත් සිසුවෙකුට ඩිප්ස් ගසන ලෙස නියෝග කර ඇති අයුරුයි.
ශිෂ්යයන් පැවසුවේ දේශකවරයා පවසන ඩිප්ස් ප්රමාණය සම්පුර්ණ කළ නොහැකි සිසුන්ට කස පහර නමින් හඳුන්වන දඩුවම් ක්රමයට මෙලෙස යටත්වීමට සිදුවන බවයි.
පහරදීම් සිදුකරන ඇතැම් අවස්ථාවලදී පහරදීමට යොදාගන්නා කොසුමිටවල් කැඩී යන අතර දරුවන්ට ශාරිරික තුවාල සිදුව ඇති අයුරු ද දැකිය හැකියි.
එපමණක් ද නොව දේශන ශාලා තුළදී ගුටි කෑමට අකමැති සිසුන්ට දේශන ශාලාවලින් පිට දණ ගසා ගෙන සිටීමට ද අදාළ දේශකවරයා අණ කරනවා.
තරුණ සිසුවියන් ද ඉගෙනුම ලබන මෙම සාගර විශ්වවිද්යාලය තුළ ප්රසිද්ධියේ ශිෂ්යයන්ගේ පෞරුෂය බිඳී යන ලෙස මෙලෙස දඩුවම් කළ හැකි ද ?
දර්ශන සාක්ෂි සහිතව මීගමුව සාගර විශ්වවිද්යාලයේ සිදුකරන මෙම කෲරත්වයට විරුද්ධව එහි ඉහළ බලධාරීන් ඉදිරියේදී නිසි ක්රියාමර්ග ගන්නේ ද ?
ඒ පිළිබඳව රට හමුවේ හෙළිකිරීමටත් හිරු සී.අයි.ඒ.සුදානමින්.

Latest News
විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වීමත් සමග අඹතලේ ජල පවිත්රාගාරයේ කටයුතු යළි ඇරඹේ
Local
17 October 2026
විදුලි සැපයුමෙන් 50%කට වැඩි ප්රමාණයක් යථා තත්ත්වයට
Local
17 October 2026
ආසියානු සෙවන්ස් රග්බි තරගාවලිය: ඉන්දියාව පරදා ශ්රී ලංකාවට ජයක්
Local
17 October 2026
2026 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කරයි
Local
17 October 2026
බිඳ වැටී ඇත්තේ නොරොච්චෝලේ පමණයි NSO කියයි
Local
17 October 2026
කාවන්තිස්සගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ - විපක්ෂ නායක
Local
17 October 2026
විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්රියාකරු (NSO)
Local
17 October 2026
ආසියානු රග්බි සෙවන්ස්: කසකස්තානය හමුවේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයක්
Local
17 October 2026
ඉදිරි වසර 20 තුළ ඉන්දියා - අරාබි වෙළෙඳාම ඩොලර් බිලියන 500 දක්වා තෙගුණයකින් ඉහළට
Local
17 October 2026
දිවයිනේ ගම්පහ ඇතුළු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට
Local
17 October 2026