General03 October 2026

ලෝක අමද්‍යප දිනය අදයි: දිවයිනේ සියලු සුරාසල් වැසේ

ලෝක අමද්‍යප දිනය අදට (03) යෙදී තිබෙනවා.

මේ හේතුවෙන් මෙරට සියලු සුරාසල් අද දිනයේ වසා තබන බවටයි සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ.

ලෝක අමද්‍යප දිනය වාර්ෂිකව ඔක්තෝම්බර් මස 03 වන දින සමරනු ලබන්නේ අමද්‍යප ව්‍යාපාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ මධ්‍යස්ථභාවය දිරිගැන්වීම සහ මධ්‍යසාර පාන භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීමේ අරමුණ ඇතිවයි.

ලොව පුරා පුද්ගලයින් මිලියන 03කට ආසන්න සංඛ්‍යාවක් මධ්‍යසාර නිසා මියයන බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes