General03 October 2026

මිල සූත්‍රය අධ්‍යයනය කර දැනුම් දෙන්න තෙල් බෙදුම්කරුවන් අනිද්දා තෙක් කල් ගනී

ඉන්ධන ප්‍රවාහනය සඳහා ගෙවනු ලබන මුදල සියයට 20කින් වැඩි කරන ලෙස ඊයේ (02) පැවති සාකච්ඡාවේදී ඉල්ලා සිටි නමුත් සියයට 15ක ගාස්තු වැඩිවීමක් ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟ වූ බව සමස්ත ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් ඩී.වී. ශාන්ත සිල්වා කියා සිටියේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ප්‍රකාශයට පත් කර ඇති ගාස්තු ඉහළ නැංවීමේ ක්‍රමවේදය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා අනිද්දා තෙක් කල් ලබාගත් බවයි.

ඩීසල්, ටයර්, බැටරි, නඩත්තු වියදම් සහ සේවක වේතන ඇතුළු ව්‍යාපාරය පවත්වාගෙන යාමට යන පිරිවැය සලකා ඉන්ධන ප්‍රවාහනය සඳහා ගෙවනු ලබන මුදල වැඩි කරන ලෙස පෞද්ගලික ටැංකි රථ හිමියන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබුණා.

ඔවුන් කියා සිටියේ, ප්‍රවාහන ගාස්තු තීරණය කරන මිල සූත්‍රය මේ අනුව සංශෝධනය කරන ලෙසයි.

එසේ නොමැති වුවහොත් ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත්වන බවට ඔවුන් අනතුරු ඇඟවීම් කර තිබුණා.

එවන් පසුබිමකයි පෞද්ගලික ටැංකි රථ හිමියන් සහ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සංස්ථාවේ සභාපතිවරයා අතර මෙම සාකච්ඡාව පැවැත්වුණේ.
Related recommendation
Hiru TV News | Programmes