ආහාර, ඉන්ධන සහ ජලය නොමැතිව ශ්රී ලංකාවට නිරිතදිග මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන නෞකාවලට සැපයුම් ලබා නොදෙන ලෙස අමෙරිකාව මෙරටට දැනුම් දී ඇතැයි වෝල් ස්ට්රීට් ජර්නල් පුවත්පත අනාවරණය කළා.
එලෙස සැපයුම් ලබා දුනහොත් ද්විතියික සම්බාධක පනවන බව අමෙරිකාව පවසා ඇති බවයි එම වාර්තාවේ දැක්වුණේ.
මේ සම්බන්ධයෙන් කළ වීමසීමකදී විදේශ කටයුතු අමාත්යාංශයේ මාධ්ය අධ්යක්ෂ ජනරාල් තුෂාර රොද්රිගෝ ප්රකාශ කළේ, අදාළ නෞකා සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවයි.
එසේම එම තත්ත්වය භයානක තත්ත්වයක් බවයි ජ්යෙෂ්ඨ රාජ්ය තාන්ත්රිකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක කියා සිටියේ.
මේ අතර, ජාත්යන්තර යුධ විශ්ලේෂකයෙකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න ද අදහස් දක්වමින් කියා සිටියේ, ලක් රජය අමෙරිකානු ප්රතිපත්ති පිළිබඳ මනාව අධ්යායනය කළ යුතු බවයි.
කෙසේ වෙතත්, දැනට මෙවැනි නෞකා 19 ක් පමණ මෙම මුහුදු තීරයේ පවතින බව හෙළි වී ඇතැයි ද එම පුවත්පත් වාර්තාවේ සඳහන්.
එම වාර්තාවේ දැක්වෙන්නේ, සම්බාධකවලට ලක්වූ නෞකාවලට, නැව් නියෝජිතයින්, ඉන්ධන සපයන්නන් සහ වෙනත් සේවා සමාගම් දැනුවත්ව හෝ නොදැනුවත්ව සහාය දැක්වුවහොත් අමෙරිකානු සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.
එම අවදානම පිළිබඳ දැනුවත් කරමින් මෙරට නිලධාරීන් 40 දෙනෙකුට අධික පිරිසකට පසුගියදා කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය දින තුනක පුහුණු සැසියක් ද පවත්වා තිබෙන බව වෝල් ස්ට්රීට් ජර්නල් පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
එසේම අදාළ වාර්තාව සකස් කිරීමේදී වෝල් ස්ට්රීට් ජර්නල් පුවත්පත මෙරට රජයේ ලිපි ලේඛන ද උපයෝගී කරගෙන ඇති අතර එහි තවදුරටත් දැක්වෙන්නේ, ඉරාන ධජය සහිත නොකාවලට සැපයුම් ලබා දීම මෙම අවස්ථාවේ උචිත නොවන බවට සැපයුම් ලබා ගැනීමට කොළඹ වරායට පැමිනි ඉරාන නෞකා කිහිපයකට වරාය අධිකාරිය ලිඛිතව දැනුම් දී ඇති බවයි.

Latest News
විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වීමත් සමග අඹතලේ ජල පවිත්රාගාරයේ කටයුතු යළි ඇරඹේ
Local
17 October 2026
විදුලි සැපයුමෙන් 50%කට වැඩි ප්රමාණයක් යථා තත්ත්වයට
Local
17 October 2026
ආසියානු සෙවන්ස් රග්බි තරගාවලිය: ඉන්දියාව පරදා ශ්රී ලංකාවට ජයක්
Local
17 October 2026
2026 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කරයි
Local
17 October 2026
බිඳ වැටී ඇත්තේ නොරොච්චෝලේ පමණයි NSO කියයි
Local
17 October 2026
කාවන්තිස්සගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ - විපක්ෂ නායක
Local
17 October 2026
විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්රියාකරු (NSO)
Local
17 October 2026
ආසියානු රග්බි සෙවන්ස්: කසකස්තානය හමුවේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයක්
Local
17 October 2026
ඉදිරි වසර 20 තුළ ඉන්දියා - අරාබි වෙළෙඳාම ඩොලර් බිලියන 500 දක්වා තෙගුණයකින් ඉහළට
Local
17 October 2026
දිවයිනේ ගම්පහ ඇතුළු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට
Local
17 October 2026