ගුවන් යානා තුළ වයස අවුරුදු 14ට අඩු දරුවන් අසල වාඩිවීම සඳහා දෙමාපියන්ගෙන් අමතර ගාස්තු අය කිරීම නතර කිරීමට බ්රිතාන්ය රජය පියවර ගෙන තිබෙන බව BBC පුවත් සේවය වාර්තා කරනවා.
විදෙස් මාධ්ය වාර්තා කරන්නේ, ඒ සඳහා අවශ්ය බලතල හිමිවීමත් සමඟ අදාළ ගාස්තු අහෝසි කිරීම සම්බන්ධයෙන් උපදේශන ක්රියාවලියක් ආරම්භ කරන බව එරට ප්රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරන බවයි.
එමෙන්ම, සිවිල් ගුවන් සේවා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමත වුවහොත් මෙම නව ක්රමවේදය ක්රියාත්මක කිරීමට හැකි වනු ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ,
ගුවන් ටිකට්පත් වෙන්කිරීමේදී සිදුවන සුළු දෝෂ නිවැරදි කිරීම සඳහා මගීන්ගෙන් අමතර ගාස්තු අය කිරීම නතර කිරීම සම්බන්ධයෙන්ද නව නීති හඳුන්වාදීමට යෝජිත බවත් සඳහන්.
බ්රිතාන්ය රජය පෙන්වා දෙන්නේ දැනට එරට ක්රියාත්මක බොහෝ ගුවන් සමාගම්, මගීන්ට මෙවැනි අමතර ගාස්තු වලින් ආරක්ෂාව ලබාදෙන නමුත්, නව ප්රතිසංස්කරණ මඟින් සියලුම ගුවන් සමාගම් සඳහා එකම ක්රමවේදයක් ඇති කිරීමට අපේක්ෂා කරන බවයි.
කෙසේ වෙතත්, ගුවන් සේවා ක්ෂේත්රයේ නියෝජිත ආයතනයක් වන Airlines UK සඳහන් කර ඇත්තේ ටිකට්පත්වල සිදුවන සුළු නාම දෝෂ නිවැරදි කිරීම සඳහා දැනටමත් ගාස්තු අය නොකරන බවයි.
එමෙන්ම easyJet සහ Ryanair ඇතුළු ගුවන් සමාගම් කිහිපයක්ද දරුවන් අසල වාඩිවීම සඳහා අමතර ගාස්තු අය කරන බවට ඇති ප්රකාශ ප්රතික්ෂේප කර තිබෙනවා.
බ්රිතාන්ය ප්රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට අනුව, දෙමාපියෙකුට සහ දරුවෙකුට ආපසු ගමනක් සඳහා එකිනෙකා අසල වාඩිවීම වෙනුවෙන් පවුම් 104ක් දක්වා අමතර මුදලක් වැය විය හැකි අතර, ටිකට්පත් වෙන්කිරීමේදී සිදුවන සුළු දෝෂ හෝ පරිපාලන වෙනස්කම් සඳහා පවුම් 40ක් දක්වා ගාස්තු අය විය හැකි බව විදෙස් වාර්තා කරනවා.
බ්රිතාන්ය අග්රාමාත්ය ඇන්ඩි බර්න්හැම් සඳහන් කර ඇත්තේ පවුල්වල නිවාඩු ගමන් සැලසුම් කිරීමේදී එකතු වන මෙවැනි කුඩා අමතර ගාස්තු අඩු කිරීමේ වැඩපිළිවෙළක කොටසක් ලෙස මෙම නීති සංශෝධන යෝජනා කර ඇති බවයි.

Latest News
සරණට එරෙහි අල්ලස් නඩුවක ඉදිරි පියවර වැළැක්වීමට අතුරු තහනම් නියෝගයක්
Local
14 October 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ චීන ආර්ථික වර්ධන වේගය පහළට
Local
14 October 2026
ජොන්ස්ටන් ප්රනාන්දුට එරෙහි සතොස නඩුව ලබන 28 වැනිදා තෙක් කල් යයි
Local
14 October 2026
යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සහ වරාය, සිවිල් ගුවන්සේවා හා බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක අතර සාකච්ඡාවක්
Local
14 October 2026
බම්බලපිටිය - කාසල් පාරේ මහල් නිවාස සංකීර්ණයක 04 වන මහළේ ගින්නක්
Local
14 October 2026
‘කුඩු සළිඳු’ගේ ගෝල ‘පියුමා’ ලබන 28 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ්
Local
14 October 2026
2026 වසරේ ආදායම් ඉලක්කය වූ රු:බි: 2207 මේ වනවිට ළඟා කරගත් බව රේගුව කියයි
Local
14 October 2026
අමෙරිකානු රැප් ගායක ටූපැක් ෂකූර් ඝාතනයට වරදකරු වූ අපරාධ කල්ලි නායකයාට වසර 40ක සිරදඬුවම්
Local
14 October 2026
Chery Omoda 5 පසුපස ඇක්සලය ගැලවී යාමේ සිද්ධිය - මැලේසියාවේ නව ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි
Local
14 October 2026
කපිල චන්ද්රසේනගේ ජංගම දුරකථන දත්ත විමර්ශනය ගැන සෑහීමකට පත්විය නොහැකි බව පොලිස්පතිට දන්වනවා - අධිකරණයෙන් CCDයට දොස්
Local
14 October 2026