General03 October 2026

උත්සව සමයේදී කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යෑමේ අවදානමක්

බඩඉරිඟු ආනයන කිරීමට අවසර දීම ප්‍රමාද වීම මඟින් ඉදිරි උත්සව සමයේදී කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අජිත් ගුණසේකර කියා සිටියේ, සතුන්ගේ ආහාර සඳහා බඩඉරිඟු වෙනුවට සහල් ලබාදීම මඟින් කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය පහළ වැටෙමින් පවතින බවයි.
Related recommendation
Hiru TV News | Programmes