International03 October 2026

බැංකොක් අගනුවර ගංවතුරින් 40 ක් මරුට

තායිලන්තයේ බැංකොක් අගනුවර ඇති වූ දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් ඇති බව එරට රජය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇතැම් පිරිස් දියේ ගිලී මිය ගොස් ඇති අතර තවත් කිහිප දෙනෙකු විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

තායි අගනුවර දිස්ත්‍රික්ක 50 ම ආපදා කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර, දහස් ගණනක් ජනතාව තාවකාලික නවාතැන් 230 කට වැඩි සංඛ්‍යාව රඳවා තිබෙනවා.

දින දෙකක් තුළ නගරයේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 300 ක පමණ වර්ෂාපතනයක් ඇද හැලී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පවතින ගංවතුර තත්ත්වය හමුවේ ඇතැම් ගුවන්තොටුපළවල මෙහෙයුම් ද අඩාල වී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes