International03 October 2026

Fast & Furious පුංචි තිරයට – 2028දී නව කතා මාලාවක්

ලොව පුරා ජනප්‍රිය Fast & Furious සිනමා කතා මාලාව ඇසුරින් නිර්මාණය කෙරෙන නව රූපවාහිනී මාලාවක් සඳහා Peacock ආයතනය නිල අනුමැතිය ලබාදී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, මේ වනවිට නිෂ්පාදන අදියරට පිවිස ඇති මෙම නව මාලාව 2028 වසරේදී විකාශය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව පළමුව අනාවරණය වූයේ මේ වසරේ මැයි මාසයේ පැවති NBCUniversal වැඩසටහනකදී Vin Diesel විසින් සිදුකළ ප්‍රකාශයක් සමඟ බවත් සඳහන්.

මෙහිදී Vin Diesel විධායක නිෂ්පාදකවරයෙකු ලෙස එක්වන අතර, Sam Vincent, Neal H. Moritz, Pavun Shetty, Jeff Kirschenbaum සහ Chris Morgan ද විධායක නිෂ්පාදකවරුන් ලෙස කටයුතු කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Mike Daniels සහ Wolfe Coleman මෙම නව මාලාවේ සම-ප්‍රධාන නිෂ්පාදකවරුන් ලෙසත්, පළමු කොටසේ රචකයන් සහ විධායක නිෂ්පාදකවරුන් ලෙසත් කටයුතු කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, නව මාලාවේ කතා තේමාව සහ රංගන ශිල්පීන් පිළිබඳ වැඩිදුර තොරතුරු මේ වනවිට අනාවරණය කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මූලාශ්‍රය - VARIETY
Related recommendation
Hiru TV News | Programmes