ඩුබායි සිට ටෙල් අවිව් බලා පියාසර කරමින් තිබියදී සිදුවූ Flydubai FZ1073 යානයේ නියමු කුටියේ සිද්ධිය සම්බන්ධයෙන් පවතින ගැටලු සහ ප්රශ්න නිල පරීක්ෂණයෙන් පැහැදිලි කරගත හැකි බව Flydubai ප්රධාන විධායක නිලධාරී Ghaith Al Ghaith පවසන බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
පසුගිය බදාදා (30) සිදුවූ මෙම “ආරක්ෂක සිද්ධිය” සම්බන්ධයෙන් පළමු වරට අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, FZ1073 යානයේ සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව මේ වනවිට බොහෝ ප්රශ්න මතුවී ඇති බව තමන් දැනුවත්ව සිටින බවයි.
කෙසේ වෙතත්, අදාළ බලධාරීන්ගේ ප්රධානත්වයෙන් සම්පූර්ණ නිල පරීක්ෂණයක් මේ වනවිට ක්රියාත්මක වන බවත්, එම පරීක්ෂණයට Flydubai ආයතනයේ පූර්ණ සහාය ලබාදෙන බවත් ඔහු පවසනවා.
පරීක්ෂණ ක්රියාවලිය මඟින් සිද්ධියට අදාළ කරුණු තහවුරු කරගැනීමට අවස්ථාව ලබාදීම වැදගත් බවයි Flydubai ප්රධාන විධායක නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
එමෙන්ම, සිද්ධියෙන් පසු යානය ආරක්ෂිතව ගොඩබැස්වීමට කටයුතු කළ ඉන්දීය ජාතික ගුවන් නියමු Smit Machchhar ඇතුළු අනෙකුත් ගුවන් නියමුවන්ට සහ කැබින් කාර්ය මණ්ඩලයටද ඔහු සිය ස්තූතිය පළකර තිබෙනවා.
මේ අතර, බලධාරීන්ගේ ඉල්ලීම මත Flydubai විසින් ඩුබායි - ටෙල් අවිව් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
සිද්ධියේ හේතුව හෝ ඊට සම්බන්ධ විය හැකි අරමුණ පිළිබඳ අවසන් තීරණයක් මෙතෙක් ප්රකාශයට පත්කර නොමැති අතර, ඒ සම්බන්ධයෙන් නිල පරීක්ෂණය තවදුරටත් ක්රියාත්මක බවත් විදෙස් මාධ්ය වාර්තා කරනවා.
මූලාශ්රය - EFE

Latest News
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම ගැන සංඝ සභාවෙන් සමාව ගන්න: එජාපයෙන් නිවේදනයක්
Local
14 October 2026
කොටස් වෙළඳපොල ඒකක 281.42කින් පහළට
Local
14 October 2026
රේගුව ඔක්තෝබර්යේදී රු. බිලියන 2,208ක ආදායමක් රැස්කරමින් 2026 ඉලක්කය අභිබවයි
Local
14 October 2026
රජය සිවුරට කළ නිග්රහය සමස්ත සම්බුද්ධ ශාසනයටම කළ නිග්රහයක් - විපක්ෂ නායක
Local
14 October 2026
UCN Global 2026 සමුළුව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් ඇරඹෙයි
Local
14 October 2026
කොල්ලුපිටියේ සෙල්ලමුත්තු ඇවනියුහි අවන්හලක ගින්නක්
Local
14 October 2026
බම්බලපිටියේ නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්න මැඩ පවත්වයි
Local
14 October 2026
සරණට එරෙහි අල්ලස් නඩුවක ඉදිරි පියවර වැළැක්වීමට අතුරු තහනම් නියෝගයක්
Local
14 October 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ චීන ආර්ථික වර්ධන වේගය පහළට
Local
14 October 2026
ජොන්ස්ටන් ප්රනාන්දුට එරෙහි සතොස නඩුව ලබන 28 වැනිදා තෙක් කල් යයි
Local
14 October 2026