General03 October 2026

හිරු දරුවෝ 2026 අද පස්වරුවේ මීගමුව වෙරළ උද්‍යානයේදී

ලෝක ළමා දිනය වෙනුවෙන් හිරු ටීවී කවදත් අපේ ළමා පරපුරට ලබා දෙන්නේ අමතක නොවන සොඳුරු අත්දැකීම් සමුදායක්.

මෙවරත් ලෝක ළමා දිනය සමරමින් හිරු ටීවී අපේ ළමා පරපුරට ගෙන එන තිළිණය හිරු දරුවෝ අද පස්වරු 1.00 සිට පැවැත්වීමට නියමිතව ඇත්තේ මීගමුව වෙරළ උද්‍යානයේදීයී.

නැටුම්, ගැයුම් මෙන්ම විනෝදාස්වාදන අංග රැසකින් විචිත්‍රවත් වන මේ අවස්ථාවට අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍යයේ ළමා නළු නිළියන් ඇතුළු හිරු ටෙලි පෙරහරේ කලා තරු ද එක්වනවා.

මෙම අත්දැකීම විඳගැනීමට දිවයිනේ නන්දෙසින් පැමිණෙන දරුවන් සඳහා සුන්දර විචිත්‍රවත් වැඩසටහන් රැසක් මෙවරත් හිරු මාධ්‍ය ජාලය සංවිධාන කර තිබෙනවා.

වැල්ලවාය රියෝ සංගීතය සමගින් පොඩ්ඩන්ට නටමින් විනෝද වීමටත්, මපට් සංදර්ශන, මැජික් සංදර්ශන, බවුන්සර් කාසල් ඇතුළු විනෝද ක්‍රීඩා රැසක් සමඟින් වටිනා තෑගි දිනාගැනීමටත් මෙවර හිරු දරුවෝ 2026 වැඩසටහනෙන් අවස්ථාව උදාවනවා.
Related recommendation
Hiru TV News | Programmes