International03 October 2026

Flydubai යානයේ සිද්ධිය ත්‍රස්ත ක්‍රියාවකට තැත් කිරීමක් ලෙස සලකා කටයුතු කරන බව UAE නීතිපතිවරයා කියයි

Flydubai ගුවන් සේවයට අයත් FZ1073 ගුවන් යානය තුළ සිදුවූ සිද්ධිය ත්‍රස්ත ප්‍රහාරයකට උත්සාහ කිරීමක් ලෙස සලකා විමර්ශන සිදුකරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සිදුකළ විමර්ශනවලදී එම ගුවන් යානයේ සහාය නියමුවා (Co-pilot) නියමු කුටිය තුළදී ප්‍රධාන නියමුවාට (Captain) පහර දී ඇති බව අනාවරණ වී ඇති බවයි.

එමෙන්ම, සහාය නියමුවා ගුවන් යානයේ පාලනය සියතට ගැනීමට ද උත්සාහ කර ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇති බවයි වාර්තා වන්නේ.
Related recommendation
Hiru TV News | Programmes