මීගමුව සාගර විශ්වවිද්යාලයේ පාඨමාලා සඳහා සහභාගී වන ශිෂ්යයින්ට එහි දේශන සඳහා පැමිණෙන ගුරුවරයෙකු අමානුෂික ලෙස මානසික හා ශාරීරික පීඩා සිදුකරන බවට හිරු CIA ඊයේ තොරතුරු වාර්තා කළා. කෙසේ වෙතත්, විශ්වවිද්යාල සිසුන් මෙලෙස කිසිදු අයුරකින් වද හිංසාවලට ලක්කළ නොහැකි බවයි මහාචාර්ය නීතිඥ ප්රතිභා මහනාම හේවා කියා සිටියේ.
මුල් ළමාවියේ සිට උසස් අධ්යාපනය දක්වා කිසිදු කායික හෝ මානසික පීඩාවලින් තොරව සිය අධ්යාපන කටයුතු නිදහසේ සිදුකිරීමට මෙරට ශිෂ්ය ශිෂ්යාවන්ට අයිතියක් පවතිනවා.
සිසුන් සතු එම අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් මීගමුව සාගර විශ්වවිද්යාලයේ දේශන සදහා පැමිණෙන ගුරුවරයෙකු සිසුන්ට අමානුෂික ලෙස පහරදෙන බවයි එම විශ්ව විද්යාලයේ ඉගෙනුම ලබන දරුවෙකුගේ මවක් හිරු සී.අයි.ඒ.වෙත තොරතුරු හෙළි කළේ.
එම මව පවසන පරිදි මීගමුව සාගර විශ්ව විද්යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට කෘරත්වයෙන් සලකන්නේදැයි සෙවීමට අප එහි ළඟා වු අවස්ථාවේ දැකගත හැකිවුයේ අදාල දේශකයා විසින් දරුවන්ට බිම ඉදගන්නා ලෙස අණකර තවත් සිසුවෙකුට ඩිප්ස් ගසන ලෙස නියෝග කර ඇති අයුරුයි.
ශිෂ්යයන් පැවසුවේ දේශකවරයා පවසන ඩිප්ස් ප්රමාණය සම්පුර්ණ කළ නොහැකි සිසුන්ට කස පහර නමින් හදුන්වන දඩුවම් ක්රමයට මෙලෙස යටත්වීමට සිදුවන බවයි.
පහරදීම් සිදුකරන ඇතැම් අවස්ථාවලදී පහරදීමට යොදාගන්නා කොසුමිටවල් කැඩී යන අතර දරුවන්ට ශාරිරික තුවාල සිදුව ඇති අයුරු ද දැකිය හැකියි.
එමෙන්ම, දේශන ශාලා තුළදී පහර කෑමට අකමැති සිසුන්ට දේශන ශාලාවලින් පිට දණ ගසා ගෙන සිටීමට ද අදාල දේශකවරයා අණ කරන බවයි වාර්තා වන්නේ.

Latest News
කතානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින නියමයක් නොමැතිව කල් යයි
Local
16 October 2026
සුනාමියෙන් 5,644ක් තවමත් අතුරුදන් : මරණ සහතික නිකුත් කිරීමේ බාධාවක්
Local
16 October 2026
පොලිස් මර්දනය මැද ඉන්දියාවේ කැරපොතු ජනතා පක්ෂය යළි වීදි බසී
Local
16 October 2026
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුවට අදාලව නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන 23 දක්වා තවදුරටත් රිමාන්ඩ්
Local
16 October 2026
ජනාධිපති කාර්යාලය අසල හිමිවරුන්ගේ විරෝධතාවට ශබ්ද විකාශන යන්ත්ර සහ වතුර ගෙන ආ දෙදෙනෙක් අත්අඩංගුවට
Local
16 October 2026
ක්රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවට නාමල් අද අධිකරණයට පැමිණෙයි
Local
16 October 2026
ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය අසල විරෝධතාවලට සහ පදික වේදිකා අවහිර කිරීමට අධිකරණයෙන් තහනම් නියෝගයක්
Local
16 October 2026
රටේ ඒකීයත්වය රැකීමට බුදුසසුනට ප්රමුඛස්ථානය දී සෙසු ආගම් ද සුරක්ෂා කළ යුතුයි - විපක්ෂ නායක සජිත්
Local
16 October 2026
ගෑස් හිඟය දින දෙකක් තුළ යථා තත්ත්වයට : ලිට්රෝ සමාගම කියයි
Local
16 October 2026
නිඩාල් හසන්ගේ මරණ දණ්ඩනය සජීවීව පෙන්වීමේ තීරණය ජනපති ට්රම්ප් අතහැර දමයි : විපතට පත් පවුල්වලට පමණක් නැරඹීමට අවස්ථාව
Local
16 October 2026