මීගමුව සාගර විශ්වවිද්යාලයේ පාඨමාලා සඳහා සහභාගී වන ශිෂ්යයින්ට එහි දේශන සඳහා පැමිණෙන ගුරුවරයෙකු අමානුෂික ලෙස මානසික හා ශාරීරික පීඩා සිදුකරන බවට හිරු CIA ඊයේ තොරතුරු වාර්තා කළා. කෙසේ වෙතත්, විශ්වවිද්යාල සිසුන් මෙලෙස කිසිදු අයුරකින් වද හිංසාවලට ලක්කළ නොහැකි බවයි මහාචාර්ය නීතිඥ ප්රතිභා මහනාම හේවා කියා සිටියේ.
මුල් ළමාවියේ සිට උසස් අධ්යාපනය දක්වා කිසිදු කායික හෝ මානසික පීඩාවලින් තොරව සිය අධ්යාපන කටයුතු නිදහසේ සිදුකිරීමට මෙරට ශිෂ්ය ශිෂ්යාවන්ට අයිතියක් පවතිනවා.
සිසුන් සතු එම අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් මීගමුව සාගර විශ්වවිද්යාලයේ දේශන සදහා පැමිණෙන ගුරුවරයෙකු සිසුන්ට අමානුෂික ලෙස පහරදෙන බවයි එම විශ්ව විද්යාලයේ ඉගෙනුම ලබන දරුවෙකුගේ මවක් හිරු සී.අයි.ඒ.වෙත තොරතුරු හෙළි කළේ.
එම මව පවසන පරිදි මීගමුව සාගර විශ්ව විද්යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට කෘරත්වයෙන් සලකන්නේදැයි සෙවීමට අප එහි ළඟා වු අවස්ථාවේ දැකගත හැකිවුයේ අදාල දේශකයා විසින් දරුවන්ට බිම ඉදගන්නා ලෙස අණකර තවත් සිසුවෙකුට ඩිප්ස් ගසන ලෙස නියෝග කර ඇති අයුරුයි.
ශිෂ්යයන් පැවසුවේ දේශකවරයා පවසන ඩිප්ස් ප්රමාණය සම්පුර්ණ කළ නොහැකි සිසුන්ට කස පහර නමින් හදුන්වන දඩුවම් ක්රමයට මෙලෙස යටත්වීමට සිදුවන බවයි.
පහරදීම් සිදුකරන ඇතැම් අවස්ථාවලදී පහරදීමට යොදාගන්නා කොසුමිටවල් කැඩී යන අතර දරුවන්ට ශාරිරික තුවාල සිදුව ඇති අයුරු ද දැකිය හැකියි.
එමෙන්ම, දේශන ශාලා තුළදී පහර කෑමට අකමැති සිසුන්ට දේශන ශාලාවලින් පිට දණ ගසා ගෙන සිටීමට ද අදාල දේශකවරයා අණ කරන බවයි වාර්තා වන්නේ.

Latest News
සරණට එරෙහි අල්ලස් නඩුවක ඉදිරි පියවර වැළැක්වීමට අතුරු තහනම් නියෝගයක්
Local
14 October 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ චීන ආර්ථික වර්ධන වේගය පහළට
Local
14 October 2026
ජොන්ස්ටන් ප්රනාන්දුට එරෙහි සතොස නඩුව ලබන 28 වැනිදා තෙක් කල් යයි
Local
14 October 2026
යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සහ වරාය, සිවිල් ගුවන්සේවා හා බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක අතර සාකච්ඡාවක්
Local
14 October 2026
බම්බලපිටිය - කාසල් පාරේ මහල් නිවාස සංකීර්ණයක 04 වන මහළේ ගින්නක්
Local
14 October 2026
‘කුඩු සළිඳු’ගේ ගෝල ‘පියුමා’ ලබන 28 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ්
Local
14 October 2026
2026 වසරේ ආදායම් ඉලක්කය වූ රු:බි: 2207 මේ වනවිට ළඟා කරගත් බව රේගුව කියයි
Local
14 October 2026
අමෙරිකානු රැප් ගායක ටූපැක් ෂකූර් ඝාතනයට වරදකරු වූ අපරාධ කල්ලි නායකයාට වසර 40ක සිරදඬුවම්
Local
14 October 2026
Chery Omoda 5 පසුපස ඇක්සලය ගැලවී යාමේ සිද්ධිය - මැලේසියාවේ නව ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි
Local
14 October 2026
කපිල චන්ද්රසේනගේ ජංගම දුරකථන දත්ත විමර්ශනය ගැන සෑහීමකට පත්විය නොහැකි බව පොලිස්පතිට දන්වනවා - අධිකරණයෙන් CCDයට දොස්
Local
14 October 2026