General03 October 2026

හූතී කැරළිකරුවන්ට එරෙහිව දැවැන්ත ප්‍රහාරයකට සෞදියෙන් සැලසුම්

හූති කැරළිකරුවන්ට එරෙහිව සෞදි අරාබිය දැවැන්ත ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රතු මුහුදේ නෞකා ගමනාගමනය සුරක්ෂිත කිරීම සඳහා මෙම ප්‍රහාරය ඇතුළු විකල්ප සලකා බලමින් සිටින බවයි අදාළ වාර්තාවල දැක්වෙන්නේ.

ඉදිරි සතිවලදී දියත් කිරීමට නියමිත මෙම මෙහෙයුම සෞදිය විසින් අධීක්ෂණය කරනු ලබන අතර ඊට යේමන හමුදාව ද එක්වනු ඇතැයි අපේක්ෂිත බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.



Related recommendation
Hiru TV News | Programmes