International03 October 2026

බලශක්ති ප්‍රභවයන් වැඩිදියුණු කරන්න රජය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර ගිවිසුමක්

බලශක්ති ප්‍රවේශයන් වැඩිදියුණු කිරීමට අදාළ ගිවිසුමකට රජය සහ ආසියානු සංවර්ධන බැංකුව අත්සන් කර තිබෙනවා.

ඒ ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 35ක සහනදායි ණය මුදලක් සමඟ යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 5. 4 ක ප්‍රදානයක් සහ ඒකාබද්ධ ණය යාන්ත්‍රණය සඳහා වන ජපාන අරමුදලින් අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 5.5 ක ප්‍රදානයක් ලබා ගැනීම වෙනුවෙන්.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ 2030 දක්වා කාලය තුළ දැරිය හැකි පිරිසිදු බලශක්තිය සඳහා ප්‍රවේශය වැඩි කිරීමට රජය දරනු ලබන උත්සාහයන්ට සහාය වීම උදෙසා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි.
Related recommendation
Hiru TV News | Programmes