General03 October 2026

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කොළඹ විරෝධතාවයේ 6 දෙනෙක් අත්අඩංගුවට

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ 'ජන අරගල ව්‍යාපාරය' විසින් අද (03) කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාවයට එක්වූ පුද්ගලයින් හයදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීතිවිරෝධී ලෙස රැස්වීම සහ පූර්ව අවසරයකින් තොරව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම යන චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes