ඩුබායි සිට ටෙල් අවිව් බලා පියාසර කරමින් තිබියදී Flydubai FZ1073 යානයේ සහයක ගුවන් නියමුවා (Co-pilot) විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටින ඉන්දීය ජාතික වීර ගුවන් නියමු ස්මිට් මච්ඡාර් (Smit Machchhar) සුවදුක් විමසීම සඳහා ඩුබායි හි ඔටුන්න හිමි ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තුම් (Sheikh Hamdan bin Mohammed bin Rashid Al Maktoum) කුමරු පැමිණ තිබෙනවා.
දැඩි ලෙස තුවාල ලබා සිටියද, ක්ෂණිකව ක්‍රියාත්මක වී කොක්පිට් (Cockpit) දොර විවෘත කිරීම මගින් ගුවන් යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 172 දෙදෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට සමත් වූ මෙම ගුවන් නියමුවාට මේ වන විට මුළු ලොවින්ම දැඩි පැසසුම් හිමිවෙනවා.
ගුවන් නියමුවාගේ සුවදුක් විමසා බැලීමෙන් අනතුරුව, ඩුබායි ඔටුන්න හිමි කුමරු එවන ලද X සටහනක දැක්වුණේ, අදාළ නියමුවාගේ නිර්භීත ක්‍රියාකලාපය පිළිබඳව තමන්ගේ සහ සමස්ත රටේම පූර්ණ ඇගයීම හිමිවන බවයි.
"අපෙන් සහ අපගේ සමස්ත රාජ්‍ය නායකත්වයෙන් ඔහුට පූර්ණ ඇගයීම සහ ප්‍රශංසාව හිමිවෙනවා. ඔහු අපේ කණ්ඩායමේ කොටස්කරුවෙකු වීම, අපගේ දේශයේ කතාවේ කොටස්කරුවෙකු වීම මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරන දයාව, සාමය සහ ජීවිතය අගය කරන මානුෂීය ගුණාංගවල කොටස්කරුවෙකු වීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා," යනුවෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News
ග්‍රාමීය ව්‍යවසායන් සවිබල ගැන්වීමට 4%ක සහන පොලියට රු. මිලියන 5ක් දක්වා ණය යෝජනා ක්‍රමයක්
Local
12 November 2026
ධීවර කර්මාන්තයේ නවීන තාක්ෂණය නඟා සිටුවීමට 5%ක සහන පොලියට රු.මිලියන 500ක් දක්වා ණය යෝජනා ක්‍රමයක්
Local
12 November 2026
සංචාරක සංවර්ධන බද්ද අහෝසි
Local
12 November 2026
කාන්තා මූලික පවුල් නඟා සිටුවීම සඳහා 3%ක සහනදායී පොලියට රු. මිලියන 1ක් දක්වා ණය යෝජනා ක්‍රමයක්
Local
12 November 2026
මත්තල ගුවන්තොටුපොළෙන් රු. මිලියන 70,000කට අධික සමුච්චිත අලාභයක්
Local
12 November 2026
දුම්රිය මාර්ග තුනක් විද්‍යුත්කරණයට රු. බිලියන 1,200ක්
Local
12 November 2026
පේරාදෙණිය හා වයඹ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සංවර්ධනයට රු. මිලියන 450ක්
Local
12 November 2026
ඩිජිටල් ආර්ථිකයේ නව පරිවර්තනයක්: පාසල් සිසුන් 750,000කට බ්‍රෝඩ්බෑන්ඩ් වවුචර්පත්
Local
12 November 2026
"අයවැයක් කියන්නේ ආදායම බෙදාහැරීම නෙමෙයි.. දෙන්න ඕන අයට සහන දුන්නා" - ඇමති අනිල්
Local
12 November 2026
අමෙරිකාවේ වොෂින්ටන් නුවර වෙඩි තැබීමක් - පස්දෙනෙකුට තුවාල
Local
12 November 2026