General03 October 2026

වලාන දූෂණ මර්දන නිලධාරීන්ට කොස්ගොඩදී වෙඩි ප්‍රහාරයක්: ගිනිඅවි සමඟ සැක දෙදෙනෙක් අත්අඩංගුවට

වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසකට පාතාල සාමාජිකයින් පිරිසක් විසින් කොස්ගොඩ ප්‍රදේශයේදී වෙඩි තබා තිබෙනවා.

එහිදී පොලිසිය කළ වෙඩි තැබීමෙන් එක් අයෙකුට තුවාල සිදුව තිබෙනවා.

අනතුරුව ගිනිඅවි 2 ක් සමඟ සැක දෙදෙනාම අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

ඒ ඝාතනයකට සූදානම්ව ගිය පාතාල සැකකරුවන් දෙදෙනෙකු පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාකදී බවයි පොලිසිය සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes