General03 October 2026

ඉන්දීය හමුදා වෙඩි තැබීමකින් පාකිස්ථානුවෝ දෙදෙනෙක් මරුට

ඉන්දීය ආරක්ෂක බලකාය (BSF) එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පාකිස්ථාන සිවිල් වැසියන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්ථානයේ ඉන්දීය තානාපතිවරයා කැඳවා විරෝධය ප්‍රකාශ කිරීමට පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඊයේ (02) දින දෙරට දේශ සීමාවේ පිහිටි බෙඩියන් (Bedian) කලාපයේදී ඉන්දීය ආරක්ෂකයින් විසින් කිසිදු හේතුවක් නොමැතිව නිරායුධ සිවිල් වැසියන් දෙදෙනාට වෙඩි තබා ඇති බවයි පාකිස්ථානය චෝදනා කරන්නේ.

කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ ඉන්දීය ආරක්ෂක බලකාය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නැහැ.
Related recommendation
Hiru TV News | Programmes