General03 October 2026

අකුණු සැර වැදී අයෙක් මරුට

අකුණු සැර වැදීමකින් නිවෙසක ඉදිකිරීම් කටයුත්තක නිරතව සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තලවකැලේ පොලිසිය පවසනවා.

මෙලෙස අකුණු සැර වැදීමෙන් මියගොස් ඇත්තේ තලවකැලේ ෆාමස්ටන් වත්තේ පදිංචිව සිටි 50 හැවිරිදි අයෙක්.

මියගිය තැනැත්තා තවත් තිදෙනෙකු සමඟ නිවසේ ඉදිකිරීම් කටයුත්තක නිරත වෙමින් සිටි අවස්ථාවේදී අද (03) පස්වරු 4:30ට පමණ මෙම අකුණු සැර වැදී ඇති බවයි වාර්තා වන්නේ.

අකුණු සැර වැදීමෙන් එම නිවසටද හානි සිදුව ඇති අතර, අනෙක් තිදෙනාට කිසිදු අනතුරක් සිදුව නොමැති බව‍යි පොලිසිය සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes