General04 October 2026

අහුංගල්ලේදී නිවසක් තුළ සිටි 74 හැවිරිදි පුද්ගලයෙකුට වෙඩි තැබීමක්

අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේදී අද (04) අළුයම නිවෙසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා වහාම ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ ගල්වෙහෙර, අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි වියැති පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ නිවසේ ජනේලයක් තුළින් ගිනි අවිය යොමුකර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

මේ සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිතා කරන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා අහුංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Related recommendation
Hiru TV News | Programmes